(දිමුතු සඳරුවන්)
කොරෝනා වයිරස බලපෑමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු බලාත්මකව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 වැනිදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කරන අතර එම දිස්ත්‍රික්කවලම උදේ 6.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.
මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද දැන් එය වෙනස් කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙනි.
එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.
අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.
කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

COMMENTS
බොහොම හොදයි. ඊලග මැතිවරණයෙන් අපි දෙන්නම් ජන්දේ අපිට මේ පිඩාවලට හරි යන්නත් එක්කම.
අයියෝ රංග ඔබතුමා මෝඩයෙක් උනාට පෙන්නන්න යන්න එපා. මුලු ලෝකයම වැටිලා තියෙන්නේ. අපි ඉන්නේ ඉතාලියේ. මෙහෙ මොන තරම් මිනිස්සු මැරෙනවද? ලංකාව කොච්චර හොදට ආරක්ෂා කරගන්නවද ජනාධිපතිතුමා.
මෙම ඇදිරි නිතිය අවසන් කරන්නේ කවදද? ගුවන් තොටුපල අරින්නේ කවදද? රටට අවශ්‍ය දේවල් හිගයකින් තොරව බෙදන්නේ කවදද? රටේ නිෂ්පාදනය පටන් ගන්නේ කවදද? මේවට විසදුම් පාලකයන්ට නැත. කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජනජීවිතය යථා තත්වයට පත් කරන්න...
තවමත් අප අතර සිරිතක් තිබෙනවා... තම ගෙදර කෙනෙකුට පැපොල් වගේ බෝවෙන රෝගයක් වැළදුනොත් ගේ ඉදිරිපස ගොක් රෑනක් එල්ලනවා. නිවසට එන කෙනකුට දැනගන්න එම නිවසේ බෝවන රෝගියෙකු සිටින බව.... පැමිණෙන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා.
ඇඳිරි නීතිය දාල මිනිස්සු ගෙවල් ඇතුලේ හිරකාරයෝ කරලා... ඔවුන්ගේ ආදායම් මාර්ග බිඳ වැටිලා. පොඩි දරුවාගේ කරේ තියෙන පන්චායුදෙත් උකස් තියලා ජීවිතේ රැකගන්න. රාජපක්ෂලත්, අනිත් ලොක්කොත් ටී.වී එකේ පම්පෝරි ගගහා ,මහජන බදු මුදලින් සැප විඳිමින් කොරෝනා .චැම්පියන්වෙන්න දඟලනවා
ඉදිරියට මොන වාතාවරණයක් උදා උනත්, දැනට රජය සහ නිලධාරීන් ගන්න මේ උත්සාහය ඉතාම අගය කරනවා. ගොඩක් නිලධාරීන් කැපවීමෙන් වැඩකරන බව පේනවා. කරුණාකර සියලු ගොවි නිෂ්පාදන රජයේ අනුග්‍රහයෙන් ලබාගෙන තැපැල් දෙපාර්තමේන්තුව හරහා ජනතාවට බෙදාහරින ක්‍රමයක් ඇති කරන්න. මේ සඳහා තැපෑලට වාහන නැතිනම් මේ දවස් වල ක්‍රියාත්මක නොවන සියලු රජයේ වාහන තැපෑලට දෙන්න. එළවලු සහ සහල් මාළු ප්‍රවාහනයට දුම්රිය, ලංගම, කෘෂිකර්ම සහ ධිවර අමාත්‍යාංශය සතු වාහන සහ සේවකයන් යොදවන්න... සියලුම ජනතාව පටි තදකර ගන්න. මාසයක දෙකක පඩියක් දෙකක් නොගෙවුව කියල නිවසට වෙලා ඉන්න රජයේ සේවකයා අමනාප නොවෙයි කියල හිතනවා . රටේ ආර්ථිකය සහ ආදායම නැවතිලා කියල ඔවුන් හොඳින් දන්නවා ඇති කියලත් හිතනවා. මේ තමයි මාසේ පඩියකට හෝ දෙකකට වඩා රට ගැන හිතල ඉවසන්න වෙලාව. මම කියන්නේ මුළු පඩියම නොගෙවන්න කියල නෙමෙයි. සියලු දෙනාට පඩි බාගයක් ලැබුනොත් ඇති .
මෙය ඉතා හොද වැඩක්. අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ගයට අපි එකග විය යුතුයි. එය කරන්නේ අපගේ යහපත සදහා. කෙසේ වෙතත් රංග මහත්තයගේ අදහස දේශපාලනය කෙසේ වෙතත් බැහැර කළ නොහැකි දෙයක් ඇත. එනම් එදා වේල සරි කරගන්න රටක් ලොක් ඩවුන් කළ නොහැකි බවට පහුගිය දිනවල පළවූ අදහස නොවේද? රංගට ඇති ගැටළු ඔහුට විරුද්ධව කමෙන්ට් දැමූ අයට නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මිනිසුන්ගේ දේශපාලනය ඇදගෙන අපහාස නොකර කලබල වන තැනැත්තන්ගේද හිත හදා මේ ගමන යමු. ඇත්තටම අපේ ගෙදරට කොයි තරම් අඩුපාඩු තිබුනත් ඇත්තෙන්ම අපේ ගෙදරට අඩුපාඩු කොයිතරම් තිබුනත් අපිට පුලුවන් විදියට දන්න කියන අයගැනත් හොයා බලනවා. ඒත් රටේ මිනිස්සු ගැන හිතනකොට හරිම දුකයි. මක් කියන්නේ කොහොමහරි ඉවසගෙන ඉන්න. මේ වෙලාවේ ඔයගොල්ලෝ නොපැකිලව ඔයාලට තියෙන අඩුපාඩු කාගෙන් හරි ඉල්ලන්න. අතීතයේ ඔයගොල්ලෝ හොදින් ඉන්න ඇති. අපි ඒ තත්වෙට ආයේ යන්න උත්සහ කරමු. පුලුවන් තරම් අනික් කෙනා ගැනත් හොයමු.
අනේ රංග වගේ ළිදේ ඉන්න මෝඩයෙක්. මෙයා දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා.
දැන් සමහර පළාත් වල ඇඳිරි නීතිය අවසන් කරන්න කාලේ කියලා මට හිතෙන්නේ.
මිනිස්සු පින් දෙන්න ඕන ජනපතිතුමාට. ආයුධ වලින් කරපු යුද්දෙට වඩා මේක භයානකයි. අර හිටන් හුටන් ඩබල හිටියනං ලංකාවේ භාගයක් මැරිලා මෙලහට. අමන අදහස් ගැන කනගාටුයි.
මාලදිවයිනේ වගේ හරි වෙලාවට තිරන ගත්ත නම් මෙහෙම කරදර වෙන්නෙ නැ. රටේ රෝගීන් වාර්තා වු වහාම එයාර් පෝට් වහලා රට සම්පුර්නයෙන්ම නිරෝදනය කරලා රට බේරගත්ත. ඒකට ලංකාවෙ ලොක්කො ලෙඩ්ඩු 28 ඉන්න කොට රට ලොක්ඩවුන් කරන්නෙ මොන පිස්සුවකටද චන්දෙ තියන්න ඕන කිව්වා. සැමනුයි පරිප්පුයි අඩු කරලා මැතිවරන අල්ලස් දුන්න. GMOA එකටයි, මැතිවරන කොමසාරිස්ටයි පිං සිද්දවෙන්න මෙහෙම හරි බේරුනේ. චන්දෙ කල් දැම්මට කොමසාරිස්ට ආන්ඩුවේ අය පතුරු ගහනවා. තාමත් මේ බොරුව සම හරක් සිංහලයන්ට තේරෙන්නෙ නැ.
මේ වන විට අර ජනාධිපති සහ අගමැති බලයේ සිටියානම් නම් තත්වය...ඇත්තටම මේ රටේ ජනතාව ඉතා වාසනාවන්තයි ඒ අතින්....
අපි සැවොම එකාමෙන් හිතලා වැඩ කලොත් මේ උවදුරෙන් ඉක්මනටම රට බේරගන්න හැකිවේවි. මේ වෙලාවේදී හදවතයි බුද්ධියයි දෙකම යොදවාගන්න ඕනේ හැකිපමනින්. අපේ විරුවන් 30 අවුරුද්දක යුද්ධයක් කෙටි කාලයකින් ඉවර කලේ තමන්ගේ ජීවිතය පවා පරදුවට තබලා රට වෙනුවෙන් අපිරිමිත කැප කිරීමක් කිරීමෙන්.... එහෙව් එකේ අපිට බැරිද ආත්මාර්ථකාමී නොවී සහයෝගයෙන් වැඩ කරන්න. මෙතනට පාට කන්නාඩි අනවශ්‍යයි...