(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් නිති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 10, 332 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

එසේම, පොලීසිය අත්අඩංගුවට ගන්නා කිසිදු වාහනයක් අධිකරණ කටයුතුවලින් තොරව නිදහස් නොකරන බවද සදහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ, ඇදිරි නිතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ගමනාගමනය සදහා ඇදිරි නිති බලපත‍්‍රය අනිවාර්ය බවය.

පොලිස් නිති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා මෙලෙස පැවසූයේ, ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටනේදීය.