IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

(තිලකරත්න දිසානායක.) 
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටින් ආසාදිතයින් 143 කු අද (1) වනවිට හමු වීම සහ  පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන්  දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ගම්පහ ප්‍රධාන විහාරාධිපති නාහිමිවරුන් සිව් නමක් රජයට යෝජනා කර සිටිති.
 
මේ වනවිට බස්නාහිර පළාත ඇතුළු යාපනය , මහනුවර සහ පුත්තලම  දිස්ත්‍රික්කයන්හි නැවත දැනුම් දෙන තුරුද සෙසු දිස්ත්‍රික්කයන්හි අඛණ්ඩව නොවන අන්දමින් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන මුත් අඛණ්ඩව ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්කයන්හි ඇදිරි නීතිය ඉවත් කරනු ලබන අවස්ථාවන්හිදී ජනතාව කිසිදු තැකීමකින් තොරව හැසිරීම හේතුවෙන් රට පුරා කොරෝනා වෛරසය විශාල ලෙස ව්‍යාප්තවීමක් වියහැකි බවට උන්වහන්සේලා දැඩිසේ අනතුරු අඟවමින් රජයට මෙම යෝජනාව කර සිටිති. 

ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථාන හතරක නාහිමිවරුන් වන සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාත ප්‍රධාන අධිකරණ  සංඝනායක ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි , ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී සහ සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක කොස්සින්න යටවත්ත රජමහා විහාරාධිපති තෝරපිටියේ ආනන්ද , ගම්පහ සිරි සුනන්දාරාමාධිපති තුමිමෝදර සමිතසෝම සහ වැලිවේරිය ශ්‍රී පූර්වාරාමය ඇතුළු සිව් මහා විහාරාධිපති සියනෑ අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක වැල්ලගිරියේ රතනසිරි යන නාහිමි වරුන් විසින් රට පත්ව ඇති අයහපත්  තත්ත්වය හමුවේ මෙම යෝජනාව කර සිටිති. 
 
උන්වහන්සේලා පෙන්වා දෙනු ලබන්නේ දිස්ත්‍රික්ක අතර ගමන් ගැනීමට නොහැකි වනසේ දැනට පවතින ඇදිරි නීතිය රට පුරාම පැය කිහිපයකට ඉවත් කරමින් දින 15 ක් තුල රටපුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රජය මගින් ප්‍රකාශයට පත්කොට ජනතාවට ආහාර පාන , ඖෂධ  ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ගැනීමට  අවස්ථාව සැලසිය යුතු බවය.

එසේම මෙලෙස දින 15 ක් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සමෘද්ධි ඇතුළු රජයෙන් සහනාධාර ලබන අයට සහනාධාර ලබාදීම මෙන්ම කඩිනමින් ග්‍රාම නිලධාරීන් හරහා තොරතුරු ලබා ගනිමින් කුලී වැඩ වැනි දෛනිකව ආදායම් ලැබූවන්ට යම් දීමනාවක් ලබාදීමට පියවර ගැනීමත් සේම  විශේෂයෙන්ම ග්‍රාමීය වෙළඳසල් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය යැවීම පිනිස පියවර ගැනීමක් වියයුතු බවද උන්වහන්සේලා පෙන්වා දෙනු ලැබූහ. 
 



අදහස් (2)

දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

thamara dissanayake Wednesday, 01 April 2020 01:18 PM

අදහස් නම් හොඳයි. හැබැයි තව දවස් 15 යනකොට ගෙවල් වල මිනිස්සු ඉදියද කියන එකයි ප්‍රශ්නේ. රජයේ පරිපාලනය අධීක්ෂණය හරිම කාර්යක්ෂමයි. තියන එකා කොහෙන් හරි හොයා ගෙන හරි ගෙන්න ගෙන හරි කනවා. එදාවේල හොයාගෙන කාපු එකා කර කියා ගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. ඇදිරි නිති දාලා සෙනසුරාදා වෙනකොට සති 2 ක් වෙනවා. පවුල් සෞඛ්‍ය නිලදාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්ට හරි උපදෙස් නැහැ. 225 ක් ඉන්න පාර්ලිමේන්තුවට තාම මොකුත් කරගන්න බැහැ.

:       1       57

Deepal Nirosh Wednesday, 01 April 2020 02:46 PM

අතිජූජ්‍ය ස්වාමීන් වහන්සේලාගේ යෝජනාව නම් ඉතාම හොඳයි. ඒත් මේක ක්‍රියාත්මක කිරීමට පෙර ස්ථිරසාර ප්‍රායෝගික වැඩ පිළිවලක් සකසා ජනතාව පූර්ව දැනුවත් කිරීමක් කළ යුතුයි. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, භාණ්ඩ හා අනිකුත් සේවා නිවෙස්වලටම සැපයීමේ නිශ්චිත ජංගම ක්‍ර‍මවේදයක් අත්‍යාවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site