IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණු පළාත් සභාවට අයත් සියලු රාජ්‍ය ආයතන හෙට සිට විවෘත කිරීමට උපදෙස්

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු  හෙට (20) සිට ආරම්භ කිරිමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස දකුණු පළාත්  සභාවට අයත් සියළුම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්වෙත උපදෙස් ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දිලීකා කුඩාච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව පළාත් සභාවේ සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ කාර්ය මංඩලයෙන් සියයට 50 ක ප්‍රමානයක් හෙට (20) සිට සිය රාජකාරිය සඳහා කැදවන ලෙස දන්වා තිබේ.

ඇඳිරි නීති කාල සීමාව තුලදි පවා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කරණ ආණ්ඩුකාර ලේකම් වරිය පළාතේ මහජනතාව මුහුනපාන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුකාර කාර්යාලය දැනුම්වත් කිරීම සඳහා පැය විසි හතර පුරාම ක්‍රියාත්මක දුරකතන දෙකක් හඳුන්වා ඇති බවද පැවසුවාය.

දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතන සතියට දින පහක් විවෘතව තැබෙන අතර හෙට (20) සිට මහජනතාවට සිය රාජකාරි අවශ්‍යතා නොකඩවා එම කාර්යාලවලින් ලබා ගත හැකි බවද ආණ්ඩුකාර ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
 



අදහස් (0)

දකුණු පළාත් සභාවට අයත් සියලු රාජ්‍ය ආයතන හෙට සිට විවෘත කිරීමට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site