IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දකුණු කොරියාව පාසල් විවෘත කරයි

දකුණු කොරියාවේ දරු දැරියන් සඳහා ලබන සතියේදී පාසල් විවෘත කරන බව එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ.
 
පසුගිය දින කිහිපයේදී දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. දකුණු කොරියාව මේ වනවිට රට සාමාන්‍ය අතට ගැනීම සඳහා පියවර ගනිමින් සිටී.
 
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ මාර්තු මස මුලදී දකුණු කොරියාවේ පාසල් වසා දැමිණි. දකුණු කොරියාව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතුරින් එකකි. එක් අවස්ථාවකදී චීනයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව තිබුණේ ද දකුණු කොරියාවයි.
 
එහෙත් මේ වනවිට වසංගතය පාලනය කළ රටවල් කිහිපය අතරට දකුණු කොරියාව ද එක්ව ඇත. වසංගතය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. ‘‘ආසාදිතයන් හඳුනාගනිමින් පරීක්ෂණ කරමින් ප්‍රතිකාර කිරීමේ’’ වැඩසටහන් විශාල වශයෙන් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු බලධාරීහු පියවර ගත්හ. දකුණු කොරියාවේ එම වැඩසටහන් ලොවපුර බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව ඇත.
 
දකුණු කොරියාවේ ගුරුවරු අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කළහ. ලබන සතියේ බදාදා සිට ජූනි 1 වැනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බව බලධාරීහු කීහ.
 
‘‘පාසල් විවෘත කිරීමෙන් ‘කොවිඩ්-19’ අවසන් වූ බව කියවෙන්නේ නැහැ’’ යැයි දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍ය යූ එවුන් හේ පැවැසුවාය. පාසල් ‘කොවිඩ්-19’ වසංගතයට පෙර පාසල්වල පැවැති නිදහස් සහ ක්‍රියාශීලී තත්ත්වයට නැවත පත් කිරීමට පියවර ගන්නා බවත් එසේ වුවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කරන බවත් ඇය කීවාය.

ආහාර විවේකයේදී හැර අන් සියලු අවස්ථාවලදී සිසු සිසුවියන් මුඛ/ මුහුණු ආවරණ පැළැඳිය යුතු අතර සෞඛ්‍යාරක්ෂිත සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුය.
 
පාසල් පැමිණි දවසේ මුල්ම කාර්යය ලෙස සිසු සිසුවියන් ඔවුන්ගේ මේස පිහිදැමිය යුතු බව ද දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරිය සිහිපත් කළාය.
 
‘‘දරුවෝ මුලින්ම ඔවුන්ගේ මේස පිහිදාන්න ඕනේ. අපි ඒ සඳහා උපදෙස් ලබාදෙනවා’’ යැයි ඇය සඳහන් කළාය.
 
දකුණු කොරියාව මෙලෙස පාසල් විවෘත කිරීමට පියවර ගන්නේ බදාදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ය.
 
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කල්දැමුණු බේස්බෝල් සහ පාපන්දු ඇතුළු වෘත්තීය ක්‍රීඩාවල නව තරගවාරය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. එහෙත් ප්‍රේක්ෂයන් සඳහා මෙම තරග විවෘත නොකිරීමට බලධාරීහු තීරණය කර ඇත.
 
සඳුඳා එනම් අද (4) දකුණු කොරියාවෙන් වාර්තා වූයේ ආසාදිතයන් 8 දෙනකු පමණි. දකුණු කොරියාවේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව අද පස්වරු වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,801කි. එරටින් වාර්තා වන මරණ ගණන 252කි.
 
.එෆ්.පී.
 
055 

 



අදහස් (0)

දකුණු කොරියාව පාසල් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site