(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අද දහවල් 12.45 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පිරිමි සහ ගැහැණු ගුවන් මගීන් වූ ඔවුන් දෙදෙනා , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්ඨ සම්පන්න හැම රටක්ම තම පුරවැසියන්ට ආශිර්වාදාත්මක තම මවුබිමේ උරුමය හිමිකරදෙනු ඇති ...නමුත් ශ්‍රී ලාංකිකයකු වුවද තම කැමැත්තෙන්ම පුරවැසිභාවය ඉවත් කලවිට මේ දොරටුව විවෘත නොවේ. ..!!
ගුවන් යානයක් යවා ගෙන්වාගත් මේ විශේෂ දෙන්නා කවුද? ඒ ගමන්ම එහි සිටින වෛද්‍යවරුන්වත් මේ ගමනට එකතු කරගත්තේ නැත්තේ ඇයි? ... වෛද්‍යවරුන්ටත් වඩා විශේෂ දෙන්නා කවුරුන්ද?
UL 503 11 වෙනිදා කටුනායකින් ලන්ඩන් බලා පියාසර කලේ මගීන් සමගද ? කොපමණ මගීන් ප්‍රමාණයක් ලන්ඩන් බලා එම ගුවන් යානයේ රැගෙන ගියාද? එහි සිට ලංකාවට ඒමේදී UL 504 ගුවන් ගමනේ කොපමණ මගීන් ප්‍රමාණයක් පැමිණියාද? මෙම ගුවන්යානයේ ලංකාවට පැමිණි මේ විශේෂ මගීන් දෙදෙනා කවුරුන්ද? ඒ සමග එහි සිටින වෛද්‍යවරුන් 85 දෙනා රැගෙන අවාද? නැතිනම් ඔවුන්ව රැගෙන නාවේ ඇයි? ඔවුන් ලන්ඩනයෙන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා තිබියදී ඔවුන් මග හැර මේ ගුවන් යානයේ පැමිණි විශේෂ මගීන් දෙදෙනා කවුරුන්ද? මේ දෙදෙනා මේ ගුවන් ගමනට අදාළ වියදම් දැරුවාද?
දියතලාවට නම්... කබරයාගේ කට්ටිය....!!!
ආ... කාගෙ දුවයි පුතයිද? අපරාදෙ මෙච්චර සල්ලි තිබ්බ එටකේ ඔච්චර කල් හිටියේ ඇයි?
එයාර් පෝර්ට් එක වහනවා කිව්වා නේද? තමුන්ගේ හිතවත් අයට ඇරෙන, අනික් අයට වැහෙන එකද මේක...?
චීනයේ වූහාන් නගරයේ සිරවි සිටි සිසුන් 38 ගෙන්වා ගැනීමට කොළඹ සිට විශේෂ ගුවන් යානයක් යැවුවා වගේම මේ ජෝඩුව ගෙන්වා ගැනීමටත් මේ විශේෂ යානය යැවුවාද කියා මේ පුවතින් එතරම් පැහැදිලි නිසයි. මගේ මේ ප්‍රශ්න පත්තරය - මේ දෙන්නා පමණක්ද එහි බ්ලොක් වෙලා හිටියේ? මොකද දෙන්නෙක් පමණක් ආපසු ගෙන්වා ගැනීමේ පුවතට මෙතරම් ප්‍රසිද්ධියක් රජය මගින් දුන්නේ? රටේ ලොක්ඩවුන් එකක් බලපවත්වන මේ කාලයේදී රට කරවන ඇත්තන්ගේ හිත් උණුවන අන්දම මේ සංවේගී පුවතින් රටට හෙලිකිරීම ඇත්තෙන්ම නිකන් ඉඳගෙන ලකුණු දමාගැනීමට ගත් සිල්ලර උත්සාහයක් බව නම් නොකියාම බැරිය..
ගුවන් තොටුපල වැහුවේ ඉන්ටර්නැෂනල් දන්වල කල්දිලද? දන්නුවනම් බෝඩින් පාස් දීල ඇතුලට ගන්නේ නැහැ. හිර වෙන්න විදියක් නැහැ. ඒ වගේම රජයේ දැනුම්දීමට අනුව අපේ අයට තිබුන ටිකට්වල දින වෙනස් කරවගෙන කලින් එන්න. මෙතන වරදක් වෙලා තියනවා.