(ඩී.කේ.රත්න )
කොරියාව සහ ඉතාලියේ සිට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද (13) දියතලාවට රැගෙවිත් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කඳවුරට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි.
ශ්‍රී ලාංකිකයින් 101 දෙනෙකු මෙසේ රැගෙනවිත් ඇති අතර මෙම පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ගැමුණු හේවා බළකායට අයත් නිරෝධායන කඳවුරට ඇතුළත් කර තිබේ.
මේ වන විට දියතලාවට රැගෙන ආ සම්පූර්ණ පිරිස 345 කි. මින් 38 දෙනෙකු දියතලාව යුද හමුදා කදවුරේ නිරෝධායන කඳවුරට ද තවත් 206 දෙනෙකු දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබිමෙහි නිරෝධායන කඳවුරට සහ ඉතිරි 101 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ ගැමුණු හේවා බළකායට අයත් නිරෝධායන කඳවුරට ද ඇතුලත් කර ඇත.
මෙම පිරිස දින 14 ක නිරෝධායක කටයුතු වෙනුවෙන් මෙම කදවුරුවලට ඇතුළත් කර තිබේ.
COMMENTS
චීනයේ සිට එන කිසිකෙනෙක් පරීක්ෂා කරන්න අවසර නැද්ද? මම දැක්කා කවුදෝ කියලා තියෙනවා ඒ ගොල්ලෝ එන්නේ ඒ ගොල්ලන්ගේ රටට අයිති ඉඩම් වලට යන්න කියලා... ඇත්තද මන්දා...!!!
කරුණාකර චීනයද ඇතුළුව කොරෝනා විශාල වශයෙන් පැතිරුණු සහ දැනට පැතිරෙන සියලුම රටවලින් එන පුද්ගලයන් නිරෝධනයට ලක් කරන්න. ඉදිරි සති දෙක තුන තුළ ලංකාවට එන සංචාරකයින් සංඛ්‍යාව අනිවාර්යයෙන් පහළ වැටෙන නිසා සමහර සංචාරක හෝටල් මේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස යොදාගන්න පුළුවන්... එතකොට මුදල් තිබෙන සංචාරකයින්ට, මේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස අනුමත කළ සංචාරක හෝටල් වල සතිදෙකක මුදල් ගෙවා නැවතී සිට, ඉතුරු කාලය ලංකාවේ වෙන කොහේ හරි සංචාරය කරන්න පුළුවන්... එතකොට සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිතව ඇති රැකියා වලටද විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුදල් ගෙවන්න අකමැති කෙනෙකුට සාමාන්‍ය නිරෝධන මධ්‍යස්ථාන භාවිත කරන්න පුළුවන්...
චීනය කොරෝනා පාලනය කරලා හින්දා දැන් ඇඟ ඇතුලේ වෛරසය තියෙන කෙනෙක් ලංකාවට ආවත් කමක් නැතිලු. ඒ වගේම ඉතාලියේ, කොරියාවේ තාම ලෙඩේ පාලනය කරලා නැති හින්දා ඇඟඇතුලේ වෛරසය නැති කෙනෙක් ආවත් නිරෝධායනයට යන්න ඕනෑලු. එ්කතමයි වර්තමාන ලංකාවේ ප්‍රතිපත්තිය. චීනයේ සැබෑ තත්වය ලෝකයට අනාවරණය කරන්නේ නැහැ. ඔවුන් රටට හානියක් වෙන පුවත් ලෝකයට බෙදා හරින්නේ නැහැ. ඒ සඳහා දැඩි පියවර ගන්න රටක් තමයි චීනය... ඒක අපේ රටේ මිනිස්සු නොදන්නවා වගේ ඉන්න ඒක හරි පුදුමයි...
මූලබීජය චීනයේ.. හැබැයි ඒ රටෙන් එන අයට තහනමක් පනවා නෑ. මේ දේවල් තේරුම් ගන්න කොයි ඉස්කෝලෙකට යන්න වෙයිද මන්දා..?
චීන අයව ආණ්ඩුව නිරෝධායනයට ලක් කරන්නේ නැත්නම් තමන්ගේ ගම් පළාතට, කඩේට හෝටලේකට වද්දා ගන්න එපා. චීනෙක් දැක්ක තැන පන එපා කියලා දුවන්න.