IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


තවත් ලාංකිකයින් 40,000 ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

(තිළිණි ද සිල්වා )

කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත්  ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටින  බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසීය .

ඒ අනුව එම රටවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 3,078 ක්,කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මෙම පිරිසට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී. 

මේ අතර, පසුගිය අ‌ප්‍රේල් 21 වැනි දින සිට මේ දක්වා එතෙර රටවල් 15 ක සිටි ශ්‍රී ලාංකිකයන් 3,600 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, එම කණ්ඩායම බොහෝ දුරට විදේශවල අධ්‍යාපනය හැදෑරූ සිසු සිසුවියන්, පුහුණුව සඳහා යවන ලද රජයේ නිලධාරීන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් වන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශයන්හිදී අධ්‍යාපන ආයතනවල ගැටලුවලට මුහුණ දුන් සිසුන්ට සහ රැකියා ගිවිසුම් කල් ඉකුත් වූ අයට නව රැකියා ගිවිසුම් ලබා ගැනීම සඳහා සමහර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා මහ කොමසාරිස් කාර්යාලය  උපකාර කර ඇති බවත් ,එම නිසා විරැකියාව හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අය ඒ පිළිබදව නැවත සළකා බලන්නැයිද විදේශ සබදතා අමාත්‍යාංශය එම පිරිසගෙන් ඉල්ලා සිටී.

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳ දත්ත එක්රැස් කරන ලෙස රජය විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී තිබූ අතර ඒ යටතේ යළි දිවයිනට අපේක්ෂාවෙන් සිටින මෙම පිරිසගෙන්  අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම, ප්‍රමුඛතාවය ලබා දීම සහ නැවත සියරට ගෙන්වා ගැනීම සිදු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

වි⁣දේශ අමාත්‍යාංශයේ "කන්ටෑක්ට් ශ්‍රී ලංකා " සජීවි අන්තර්ජාල පිවිසුම යටතේ  මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් 78,033 දෙනෙකු එහි ලියාපදිංචි වී ඇති බව අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජාන් මහතා කියා සිටී.

ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් විසින්, සතියේ දින 7 හි පැය 24 තුළ ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙමින්, ප්‍රධාන වශයෙන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම  සහ කොන්සියුලර් ගැටලු පිළිබඳව පමණක් නොව, වෙනත් මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය

කරුණු සම්බන්ධයෙන්ද  විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් යොමු කළ ප්‍රශ්න 7,788 කට විසදුම් ලබා දුන් බවද අන්සුල් ජාන් මහතා කියා සිටියේය.

විශේෂයෙන් අදාළ රටවල ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැති අවස්ථාවල දී, ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන සහ  හදිසි වෛද්‍ය අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන ශ්‍රී ලාංකිකයන් සමඟ, වියළි සලාක හා ඖෂධ ලබා දීම සහ සමහර අවස්ථාවල නවාතැන් සඳහා පහසුකම් සැලසීමට හැකි වූ බවද හෙතෙම කීය.
 

 



අදහස් (12)

තවත් ලාංකිකයින් 40,000 ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

Kumar Monday, 18 May 2020 02:17 AM

ලංකාවට විදේශ විනිමය ලබාදුන් ශ්‍රමිකයන් ගෙනෙන එක මුලින්ම කරන්න ඕනෙ. ඒ අය නැතිනම් ඉගෙන ගන්න, සංචාරය කරන්න යන්න විදේශ විනියක් නැහැ. අනෙක් රටවල්වල ද්විත්ව පුරවැසිකම තිබෙන අය තමා අන්තිමට ගෙනෙන්න ඕනෙ. ඒ අය පළමුව ඒ රටේ පුරවැසිකම ලබාගෙන දෙවනුව තමා ලංකාවේ පුරවැසිකම නැවත ලබාගන්නේ. ඇමෙරිකාවේ පුරවැසිකම ලබන්න තමාගේ මව් රටට විරුද්ධව සටන් කරන වග දිවුරන්න ඕනෙ.

:       12       17

Dil PereraMonday, 18 May 2020 11:57 AM

කුමාර් මහත්මයෝ, ලංකාවේ ලක්ස 69ක ජනවරමක් ලබා, ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ සිටිනා සෑම දේශපාලකයන්ට ආදර්ශයක් වන, වර්තමාන ජනාධිපති ගෝඨාභය මහත්මයාත්, වසර 12ක් ඇමරිකානු පුරවැසියෙකි. මා, අදත් ඇමරිකානු පුරවැසියෙකි. පුදුමය නම්, එවන් පුද්ගලයෙකු ජනාධිපතිවරයෙකු බවට පත්කළ ජනතාවක් ජිවත් වන රටේ, කුහක පුද්ගලයන්ද ඇත. සත්‍ය නම්, ඔබ කියනා, මගේ මව් රටවන ශ්‍රී ලංකාවට විරුද්දව සටන් කරනා බවට දිවුරුමක් කිසිදු ඇමරිකානු ආගමන ක්‍රමවෙදයේ නම් නැත. එය ඔබගේ මුසාවකි. නැතිනම්, ඔබට ඇමරිකාවට එන්න නොලැබීම හේතුවෙන්, ඇමරිකාවේ පුරවැසි බාවය ලැබූ, අදත් ලංකාවට ආදරයක් ඇති ශ්‍රීලාංකික-ඇමරිකානුවන් පිලිබදව ඇතිවූ කුහක කමක ප්‍රතිපලයකි. 70% බෞද්ධයන් ජිවත් වන මගේ රටේ, අප සිතන්නේ කුහක පිරිස 3% පමණක්ය කියා. ඔබතුමා එම 3% කෙනෙකු විය හැකිය. නමුත්, ඔබගේ කුහක අදහස් වලින්, සිත් රිදෙනා අවංක ජනකොටස 3%ට වඩා වැඩිය. මා ඇමරිකාවේ ජිවත් වන්නේ සෞක්‍ය හේතුවක් නිසා බවත් කිව යුතුය.

:       181       258

AkilaTuesday, 19 May 2020 02:56 AM

අම්මෝ අපි දැක්ක ඔය කියන ඇමරිකාවේ ඉන්න දේශප්‍රේමින්ගේ සැබෑ ස්වරුපය පහුගිය ඇමරිකානු ජනධිපතිවරණයේදී.

:       0       0

Pradeep Monday, 18 May 2020 02:44 AM

රටට විදෙස් විනිමය උපයා දීමට සෘජු දායකත්වයක් ලබා දෙන විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට මුලිකත්වයක් නොදෙන්නේ ඇයි? බොහොමයක් රටවල මේ වන විට බොහෝ දෙනෙකුට කෑම, බීම හා නවාතැන් වලත් ගැටළු තියනවා. ගුවන් යානයක් එව්වත් මුලිකත්වය දෙන්නේ "ප්‍රභූ" පැලැන්තියට. ඔවුන් පමණද අප රටේ පුරවැසියන්.. අනිකුත් අය අපේ පුරවැසියන් නොවේද..? ඔවුන් විදෙස් මුදල් උපයන්නේ නැද්ද..? අනික ඔය ප්‍රභූ කියන පිරිස කෙසේ හෝ රටට ගෙන්වා ගත් පසු ගුවන්තොටුපලේ හැසිරෙන ආකාරය ඔබලා දුටුවාද..?

:       1       110

janahitha Monday, 18 May 2020 03:21 AM

ගෙන්වන ලද විදේශ ශ්‍රමිකයන් පක්ෂ විපක්ෂ මැති ඇමති ප්‍රභූන්ගේ දු පුතුන් සිංහල නොත්රෙන කතාකිරීමට අපහසු සිංහල ජාතිකයන් මේ ලිපියේ ඇතුලත් කර නැත.

:       0       47

UAE api Monday, 18 May 2020 03:22 AM

කිරිඇල්ල මහතාගෙන් චන්දය ලබාගන්නා ලෙස අපි පොහොට්ටුවට කියමු.

:       0       1

priyantha seneviratna Monday, 18 May 2020 03:52 AM

අපේ රටට ඔවුන් ගේන්න තියෙනවා....

:       0       0

de silva Monday, 18 May 2020 04:05 AM

තම මවුරටට පැමිණීම පුරවැසියකු සතු ඉතා වැදගත් මුලික අයිතිවාසිකමක්..., එම අයිතිය ලංකාව තුල මරණ අනුපාතය 1% අඩු අගයක් ගන්න කොරෝන වැනි වෛරස් එකක් නිසා බහුතරයක් පුරවැසියන්ට දිගින් දිගටම අවහිර කරමින් වරප‍්‍රසාද ලත් පුද්ගලයන් කණ්ඩායමකට පමණක් රටට ඇතුල් වීමට ඉඩ දීම , ආණ්ඩුවේ නොහැකියාව පෙන්වීමක් , ලෝකේ බොහෝ රටවල් විශේෂ ගුව යානා යවමින් ඔවුන්ගේ ලෝකයේ සිරවෙලා හිටපු පුරවැසියෝ රටට ගේනවා... අසල්වැසි ඉන්දියාවත් මුලින්ම ගැබිණි සහ රෝගී පුද්ගලයන්ට ප්‍රමුකත්වය දෙමින් පුරවැසිය නැවත ගේනවා... අපි මුලින්ම ගෙන්වපු පුද්ගලයන් වයස අවුරුදු 20-30 අතර තරුණ කණ්ඩායම්..., මැද පෙරදිග මිනිස්සු දුක් විදවිද තවම එහෙ...

:       2       104

chinthana Monday, 18 May 2020 04:29 AM

රටෙන් සල්ලි පිටට ගෙනගිය සිසුන් හා ලොක්කන්ගේ ඥාති මිත්‍රයන් ගෙන්නනවා මිසක් රටට සල්ලි ගෙන්න මැදපෙරදිග ගිය දුප්පත් ශ්‍රමිකයන් ගෙන්නන්න රජයට ඕනැකමක් නෑ. ඒ රටවල් ඒ රටවල ගුවන්යානාවලින් නොමිලේ ලංකාවට ගෙනත් දාන්න ලෑස්ති වුනත් ලංකා රජය ඊට අදාල කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ .

:       1       501

Chandra Saluwadana Monday, 18 May 2020 06:35 AM

ශ‍්‍රී ලංකා රජය පිළිබදව හොද පුවතක් බලාපොරොත්තුවෙන් ඉන්නවා...

:       205       0

chandima Monday, 18 May 2020 03:06 PM

මේ පැමිණෙන්නන්ගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීම රටේ වගකීමක්. බොහොමයක් සංක්‍රමිකයන්ගේ සහ ද්විත්ව පුරවැසියන්ගේ දරුවන් ඒ ඒ රටවල උසස් අද්‍යාපනය ලැබූ උපාධිධාරීන්. එයිනුත් බොහෝ දෙනෙක් තෂණය පිලිබඳ උපාධිදාරීන් මෙන්ම, ලොව ඉහළපෙලේ සමාගම්වල සේවාස්ථ පුහුණුවක්ද ඇති අයවලුන්. නමුත් කණගාටුවට කරුණ නම් අද රටේ පවතින වෘත්තිකයන්ගේ ආයතන, එනම් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වැනි ආයතන නොයෙකුත් තහංචි දමමින් මෙම දරුවන්ට රට තුල නිසි පිළිගැනීමක් නොදීමෙන් ඔවුන්ගේ සේවය රටට අහිමි වී යනවා. මේ පැමිණෙන්නන්ට පමණක් නොවෙයි, රටේ ජාතික ධනය වැයකොට තම දු දරුවන් විදේශ වල යව උගන්වා අපාදු ලංකාවට පැමිණ මේ ආයතනවල කෙනෙහිලි නිසා අසරණව සිටින්නන් එමටයි. නමුත් හාස්‍යයට කරුණ නම් මේ ඉහල පෙලේ නිලධාරීන් ශිෂ්‍යත්වේ ලබා අධ්‍යයන චාරිකා වලට එම රටවලට රජයේ වියදමින් චාරිකා කිරීමයි. මේ ක්‍රමයට තිත නොතිබ්බොත් රට ඉදිරියට යාමත් නව තාක්ෂනය රටතුලට ඇදගනිමත් ප්‍රමාද වෙනු ඇති.

:       0       0

jayantha Tuesday, 19 May 2020 04:36 AM

"ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් විසින්, සතියේ දින 7 හි පැය 24 තුළ ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙමින්, ප්‍රධාන වශයෙන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම සහ කොන්සියුලර් ගැටලු පිළිබඳව පමණක් නොව, වෙනත් මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන්ද විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් යොමු කළ ප්‍රශ්න 7,788 කට විසදුම් ලබා දුන් බවද අන්සුල් ජාන් මහතා කියා සිටියේය." හිනා යනවා අපිට නං මෙයාල ලංකාවේ ඉදන් පත්තරවලට ටීවී වලට වොයිස් කට් දෙන්න මරු බඩු... හා හා හා ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28476 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10961 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site