(දිල්රුක්ෂි ග්‍රේරු)
වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඊයේ දිනයේදී තහවුරු වූ 30 දෙනාද සමඟ අද වන විට නාවික සෙබළුන් 60 දෙනකු ආසාදිත වී ඇති බවට යුද හමුදාපතිවරයා කීවේය.
වැලිසර කඳවුර මේ වන විට සම්පුර්ණයෙන් හුදෙකලා කර ඇති බවත් දිගටම පී සී ආර් පරීක්ෂණ සිදු කෙනෙ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සහ නිවාඩු ලබා ගොස් සිටින පිරිසගේ නිවෙස්වල පිරිස් සියලුදෙනා පිළිබඳව සොයා බලා නිරෝධායන කටයුතු සිදු කරන බවද යුද හමුදාපතිවරයා කීවේය.
නාවික හමුදාව විසින් ඔවුන් වෙනුවෙන් වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවන බවද යුදහමුදාපතිවරයා අනාවරණය කළේය
කොරෝනා මැඩලීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ අද (24) පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඩ්‍රස් නෑ
කොරෝන අල්ලන්න යද්දී ඕනනම් තුන් හතර දෙනෙකුට හැදෙන්න ඇති. අනෙක් අයට හැදෙන්න ඇත්තේ බැරැක්ක වලදී. නිරෝධායනය කරනකොටත් අපි කිව්වා මේ බැරැක්ක ක්‍රමය බෝ වන රෝගයකට නොගැළපෙන බව.
කොරෝන අල්ලන්න යද්දී ඕනනම් තුන් හතර දෙනෙකුට හැදෙන්න ඇති. අනෙක් අයට හැදෙන්න ඇත්තේ බැරැක්ක වලදී. නිරෝධායනය කරනකොටත් අපි කිව්වා මේ බැරැක්ක ක්‍රමය බෝ වන රෝගයකට නොගැළපෙන බව.
නිවැරදි තීරණ නිවැරදි වෙලාවේ ගත්තේ නැහැ, හමුදාව ලෙඩ වුනා කියන්නේ මේ වෙලේ රටම ඉවරයි. මේ අස්සෙත් බලන්නේ ඔක්කොම සමගි කරගෙන මේකෙන් ගොඩ එනහැටි නෙමේ. පාර්ලිමේන්තු ඡන්දයක් ගැන.
දැන්වත් හමුදා කඳවුරු වලින් නිරෝධායන මධ්‍යස්ථාන අයින් කර වෙනත් ස්ථානවල පිහිටවන්න
බලන්න තිබෙන අවදානම...චන්දය තියන්නේ කොහොමද?
හැමදාම දුක් විදගෙන ඉන්න හමුදා කොල්ලොන්ට කොළඹ දිහා ඉන්න අය කරපු වැඩේ.