කොරෝනා ආසාදිත යැයි තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ අනුව මේ වන විට කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තා වූ මෙම සියලු අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇතැයිද අනිල් ජාසිංහ මහතා කියයි.
COMMENTS
ටෙස්ට් කරහම තමයි නියම ආසාදිතයින් හමුවෙන්නේ , එතකොට මුලදී රෝග ලක්ෂණ නැහැ කියලා ගෙවල් වලට යවපු අය?
මොකද මෙච්චර වැඩිවෙලා තියෙද්දි ඇදිරිනීතීය ලිහිල් කරන්නේ? රටක් රකින්න මිනිස්සු ලෙස ජීවත්වෙලා ඉන්න එපෑ.
ලංකාව වගේ රටක් සියලු ආයතන දීර්ඝ කාලයක් පුරාවට වසාදමා පවත්වාගෙන යන්නට නොහැක. එහෙත් මේ අවස්ථාවේදී සියලුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට දින කිහිපයක් එම රාජකාරීන් තම සේවකයින්ට බෙදාදීමට ක්‍රමානුකුලව ඉඩ සලසමින් එතැන් පටන් ඒ සේවකයින්ගෙන් 90%ක් තම නිවසේ සිට කාර්යයන් කළහැකිවන පරිදි ඔන්ලයින් ක්‍රමයට රාජකාරි කිරීමට සැලසුම් කළ යුතුය. රජය විසින් මාස කිහිපයකට හෝ අන්තර්ජාල පහසුකම ඒ සියලුදෙනාට සුළු ගාස්තුවකට ලබාදීම පමණක් ප්‍රමාණවත් වේ. අවශ්‍යම කාරණයකට සතියකට එක දවසක් රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීමත් වැනි කරුණු මේ අවස්ථාවේදී ප්‍රායෝගික බව වැටහේ.
දැන් ටිකක් වැඩියෙන් ප්‍රවේසම් වන කාලය විය යුතුය…. අපගේ පරීක්ෂණ ඉවර වන තුරු ගණනය ගැන විශ්වාස තැබිය නොහැක.
තව මහා මැතිවරණය තියන්නලු. කාලකණ්නි සත්තු. මේ අයට රටට හෙන ගහලා ගියත් කමක් නැහැ. මේ අයගේ දේවල් හම්බවෙනවා නම්.....මහ ලොකුවට රට ගැන කියනවා. ඒ වුනාට යට හිතින් තමන්ගේ වාසිය ගැන තමයි කල්පනාව. මිනිස්සු මැරුණම ඒ අයට මොකෝ. සිව්පාවෝ මීට හොදයි.
ඇදිරි නිතිය ලිහිල් කිරීම ගැන දොස්තරලාගේ උපදෙස් අනුව කටයුතු කල යුතුයි
රටේ ආරක්ෂාවට වගකියන කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නෙ .අය්යා ,මල්ලි එකතු වූනාම ඡන්දෙ තියෙන එක අවුලක් නැතුවා?? !කොරෝනා එයාලට ප්‍රශ්නයක් නැතුවා.