නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.
තුර්කියේ විශාල නගරවල මෝටර් රථ ගමනා ගමනයට අවසර දීමටත් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමටත් එරට බලධාරීහු පියවර ගත් අතර අවන්හල්, ආපනශාලා සහ ඉස්තාන්බුල් නුවර ‘ග්‍රෑන්ඩ් බසාර්’ වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර දුන්හ. ඉස්තාන්බුල් නුවර ‘ග්‍රෑන්ඩ් බසාර්’ යනු ලොව විශාලම සහ පැරැණිම සංවෘත වෙළෙඳපොළවලින් එකකි.
මෙය කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් පසු තුර්කිය එම සීමා ලිහිල් කිරීම සඳහා ගත් විශාලම පියවරවලින් එකක් විය.
සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව තුර්කියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන ඉස්තාන්බුල් නුවර මාර්ග තදබදය ද ඉහළ ගියේය. ‘කොවිඩ්-19’ වසංගතයෙන් තුර්කි ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුවිය. තුර්කි වැසියෝ කාලයකට පසු ඊයේ රැකියා සඳහා පැමිණියහ.
තුර්කිය ඉකුත් මාසයේදී කර්මාන්තශාලා විවෘත කළ ද රජයේ සේවකයන් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මෙන්ම කඩසාප්පු ද විවෘත කෙරුණේ ඊයේ දිනයේදී ය.
තුර්කියෙන් අද (1) පස්වරු වනවිට ආසාදිතයන් 1,63,942 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 4,540ක් ලෙස දැක්විණි.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තුර්කිය සීමා ලිහිල් කරයි