(සනත් ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල ගොයම් බොක්ක හෝටලයේ සිටි සේවකයින් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වීමෙන් පසු හම්බන්තොට මහ රෝහලින් එම පුද්ගලයින් දෙදෙනා නිවෙස් වලට අද (03) පිටවගොස් ඇති බව තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා පැවසීය.
පසුගියදා මෙම හෝටලයේ සංචාරක මඟ පෙන්වන්නෙකු සිටි හෙයින් ඒ හේතුවෙන් හෝටලයේ සේවකයින් දෙදෙනා හම්බන්තොට මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
අදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු රෝගී තත්ත්වයක් වාර්තා නොවූ බවට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමෙන් පසු මෙම පුද්ගලයින් දෙදෙනා රෝහලින් පිටව ගිය බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd