(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (17) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (17) 186.66 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 186.66ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 182.57ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සතියේත් මේ සතිය ආරම්භයේදීත් ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටිණි.
ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් පොළී අනුපාත අඩු කිරීමට ද ලොව බොහෝ රටවල මහ බැංකු ඊයේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත්තේය.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
COMMENTS
පහුගිය කාලේ මේවාට උඩ පැනගෙන අදහස් දාපු ආර්ථික ඔස්තාර්ලා මේ නිවුස් එක දකිත්වා...!!!
යමු යමු 200 දක්වා... කෝ කෝ අපේ බන්දුල මහත්මයා....
යමු යමු 200 දක්වා.... කෝ කෝ අපේ බන්දු...?
පිටරට ස්වය කරන අපිට හොඳයි...
කෝ අර නාලිකාවල පැයෙන් පැයට කියන්නෙ නැතිද ඩොලරයෙ කඩා වැටිම ගැන