(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ .
අද උදෑසන 6.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි .
ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්වයංක්‍රීය උෂ්ණත්වමාපක යොදා ගනිමින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ද මැන බැලීම ද සිදු කෙරිණි.
ඊට අමතරව මෙම ගුවන් මගීන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පෞද්ගලිකව විමසා බැලීමක් ද එම නිලධාරීන් විසින් ගුවන් තොටුපළේ දී සිදු කෙරුණි .
ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අධ්‍යාපනය හොදයි කියලා පම්පෝරි ගැහුවට දැන් බැලුවාම ලංකාවේ ගොඩක් ළමයි ඉගෙන ගන්නේ පිටරටවල් වල. සමහර අය "දියුණු' යැයි සැලකෙන රටවල ඉගෙන ගත්තත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්නේ ඉන්දියාව, බංග්ලාදේශය පකිස්ථානය වගේ රටවල. ඇයි ක්‍රමයක් හදන්න බැරි මේ නිකරුනේ රටින් පිටවන ඇති විශාල මුදල් කන්දරාව ඉතිරි කර ගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල රටකට අවශ්‍යයි. නමුත් ඒ සදහා බදවා ගැනීම් කිරීමේදී යම් මුලික සුදුසුකම් සපුරා ඇති අයව පමණක් බදවා ගැනීමත් සියලුම බදවා ගැනීම් විනිවිද භාවයකින් යුතුව පවත්වා ගැනීමත් කළ යුතුයි.
ඩුබායි යන්නේ මොන විෂය ඉගෙන ගන්නද ? දන්නේ නැති නිසා අහන්නේ?
ඩුබායි ඉන්න අනිත් ශ්‍රමිකයන් කවද විතර ගෙදර යන්න ලැබෙයිද. ඒ ගැන දන්නවද ?
මේ අය සිසුන් නෙමෙයි මමත් ඉන්නේ ඩුබායිවල.. අසරණ වුණු අය කොච්චර ඉන්නවද? කව්රු වුණත් ලංකාවට ගිය එක ලොකු දෙයක්... ඒ අයව තෝරා ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක්...
ආ.. දැන් කැමරා මල්ලිලාගේ.. කැමරා වැඩද?
බලනකොට ලංකාවෙ අධ්‍යාපනය අන්තිමයි වගේ...
ඊයේ ලංකාවේ රජය මෙහෙ අසරණ වෙලා ඉන්න ඔක්කොටම කොලේ වහල තමයි ඔය ගෙන්නුවේ මෙහෙට... හොද වැඩේ මෙහෙන් චන්දෙ දාන්න අතින් ටිකට් අරන් ගිය අයට...
හොදම විසදුම ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල හදල හරි කැමති අයට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන්න. රටේ සල්ලිත් ඉතුරුයි. පිට රටකට යනවනම් තවත් වැදගත් වෙයි උපාදියක් තිබීම.