කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බේරීමට ‘සුදුලූනු’ උපකාරී වන්නේ යැයි පැතිරුණු ආරංචියක් සමඟ ටියුනීසියාවේ ‘සුදුලූනු’ මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇත.
ජනතාව ‘සුදුලූනු’ මිලදී ගැනීම සඳහා ඉවක් බවක් නොමැතිව සුපිරි වෙළෙඳසැල් හා කඩසාප්පුවලට ගිය බව ද වාර්තා විය. ටියුනීසියාවේ මධ්‍යම වෙළෙඳපොළේ පසුගිය සතියේදී ‘සුදුලූනු’ කිලෝවක් මිල ඩිනාර් 20ත් 25ත් (ඇමෙරිකානු ඩොලර් 7ත් 8.85ත් අතර / ආසන්න වශයෙන් රුපියල් 1,500කට ආසන්න මුදලක්) අලෙවි වී ඇත. ටියුනීසියානු වැසියකුගේ සාමාන්‍ය මාසික වැටුප ඩිනාර් 600 (ආසන්න වශයෙන් රුපියල් 39,000) ක් වේ.

‘‘මීට කලින් මම ‘සුදුලූනු’ කිලෝ පහක් ඩිනාර් අටකට මිලදී ගෙන ඩිනාර් 12කට ඒක විකුණනවා. ඒත් දැන් මට ඒක කරන්න බැහැ. ‘සුදුලූනු’ මිල දරන්න බැරි විදියට ඉහළ ගිහින්’’ යැයි ටියුනීස් අගනුවරට දකුණින් පිහිටි කඩසාප්පුවක හිමිකරුවකු වන කමීස් නබ්ලි පැවැසීය.
ටියුනීසියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් හයදෙනකු පිළිබඳව තොරතුරු වාර්තා වන අතර ඔවුන් සියලුදෙනාම ඉතාලියෙන් පැමිණි අය බව එරට බලධාරීහු කීහ. ප්‍රංශයෙන් පැමිණි තවත් පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ටියුනීසියානු බලධාරීහු පැවැසූහ.
උණ තත්ත්වය අඩු කරගැනීමට ‘සුදුලූනු’ නිරන්තරයෙන් යොදාගන්නා අතර කෝවිඩ්-19 වයිරසයේ රෝග ලක්ෂණ සහ උණ රෝග ලක්ෂණ අතර යම් සමීප තත්ත්වයක් දක්නට ලැබේ.
කෙසේ නමුත් ‘සුදුලූනු’ භාවිතයෙන් කොරෝනා වයිරසයෙන් ආරක්ෂිත විය හැකි යැයි ඇතැම් වෙබ් අඩවියට වැරැදියට පුවත් වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පළවන වැරැදි පුවත්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබිණි. ‘සුදුලූනු’ සම්බන්ධයෙන් ද වැරැදි පුවත් පළවන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා ප්‍රකාශ කළේය.
‘‘සුදුලූනු කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවක් සුදුලූනුවලට තියෙනවා. එහෙත් සුදුලූනු ආහාරයට ගැනීමෙන් වයිරසයෙන් ආරක්ෂා විය හැකි බවට කිසිදු සාක්ෂියක් නැහැ’’ යැයි නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය භාෂා කිහිපයකින්ම එම නිවේදනය නිකුත් කර තිබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ නිවේදනයක් නිකුත් කර තිබුණ ද ටියුනීසියානු වැසියෝ කඩසාප්පුවලට ගොස් සුදුලූනු මිලදී ගැනීම නැවැත්වීමට හැකියාවක් නොලැබිණි.
‘‘මිනිස්සු මේ විදියට කඩසාප්පුවලට ගිය නිසා අනවශ්‍ය ලෙස සුදුළුෑණුවල මිල ඉහළ ගියා’’ යැයි ටියුනීසියානු වාණිජ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.
මේ තත්ත්වය මත ලෝක වෙළෙඳපොළට කරන සැපයුමට බලපෑමක් එල්ල වනු ඇතැයි ද හෙතෙම පැවැසීය.
අප්‍රේල් මාසයේදී අස්වනු නෙළා ගැනීමෙන් අනතුරුව මිල ගණන් පහළ යනු ඇතැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට කීය.
ඒ.එෆ්.පී.
055

2025 දෙසැම්බර් මස 18
644
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුනීසියාවේ සුදු ලූනු මිල ඉහළට