(තිස්ස කොටින්කඩුව)
ජාඇල සුදුවැල්ලෙන් සොයාගනු ලැබූ 28 හැවිරිදි කෙරෝනා ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයන් 28 දෙනෙකු අද (09) ජා ඇල , සුදුවැල්ල සහ නිල්සිරිගම ප‍්‍රදේශවලින් සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ භට කණ්ඩායමක් විසින් කරන ලද හදිසි වැටලීමකදී මෙම පිරිස සොයාගෙන තිබේ.
ජාඇල වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් වෙත මෙම පිරිස සුදුවැල්ල පල්ලියේදී භාරදීමට නියමිත ඇත.
මෙම පිරිස දින 14 ක නිරෝධයනය සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශයක පිහිටි ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
ඉකුත් දින ජාඇල බෝපිටියේදී සොයාගත් සුදුවැල්ලේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයා පොල් කඩන්නෙකු ලෙස ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් ප‍්‍රදේශයේ තැනින් තැන නිතර සරසරු පුද්ගයෙකු බවට තොරතුරු ලැබී ඇති බව ජාඇල පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd