IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජා ඇල සුදුවැල්ලෙන් වැටලූ 28 ක් නිරෝධායනයට ඕලුවිල් යවයි

(තිස්ස කොටින්කඩුව)

ජාඇල සුදුවැල්ලෙන් සොයාගනු ලැබූ 28 හැවිරිදි කෙරෝනා ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයන් 28 දෙනෙකු අද (09) ජා ඇල ,  සුදුවැල්ල සහ නිල්සිරිගම ප‍්‍රදේශවලින් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ භට කණ්ඩායමක් විසින් කරන ලද හදිසි වැටලීමකදී  මෙම පිරිස සොයාගෙන තිබේ.

ජාඇල වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් වෙත මෙම පිරිස සුදුවැල්ල පල්ලියේදී භාරදීමට නියමිත ඇත.

මෙම පිරිස දින 14 ක නිරෝධයනය සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශයක පිහිටි ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත  රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව  ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

ඉකුත් දින ජාඇල බෝපිටියේදී සොයාගත්  සුදුවැල්ලේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයා පොල් කඩන්නෙකු ලෙස ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් ප‍්‍රදේශයේ තැනින් තැන නිතර සරසරු පුද්ගයෙකු බවට තොරතුරු  ලැබී ඇති බව ජාඇල පොලිසිය පැවසීය.  



අදහස් (0)

ජා ඇල සුදුවැල්ලෙන් වැටලූ 28 ක් නිරෝධායනයට ඕලුවිල් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site