(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අද අලුයම 3.38 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු විශබීජ හරණයට ලක්කරනු ලැබීය.
මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක් ද සිදු කෙරුණි .
මෙම සියලු පරීක්ෂණයන් නිමාවට පත් වූ පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් මෙම පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුප්පත් කට්ටියක් වෙන්න ඇති නේද?
මැද පෙරදිග කට්ටියව අමතක වෙලා තියෙන හැඩයි...