ජපානයේ ටෝකියෝ අගනුවර ඇතුළු ප්‍රාන්ත හයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කොරෝනා වයිරස ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා මෙම පියවර ගත් බව ජපාන අගමැති ශින්සෝ අබේ මහතා පවසයි.
"වැදගත්ම දෙය වන්නේ අපගේ චර්යාවන් වෙනස් කර ගැනීමයි. අප සෑම කෙනෙකුම අන් අය සමඟ සම්බන්ධතා 80% කින් අඩු කරගතහොත් ආසාදන සංඛ්‍යාව පාලනය කිරීමට හැකිවෙයි." යනුවෙන් රූපවාහිනී වැඩසටහනකදී ජපාන අගමැතිවරයා මේ බව පැවසීය.
වයිරසය ව්‍යාප්ත වීමේ ඉහල ප්‍රවණතාවයක් සහිත, ජනගහනය වැඩි ප්‍රාන්ත වලට මෙම තත්ත්වය ක්‍රියාත්මක වේ.
මැයි මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම හදිසි තත්ත්වය මගින් මහජනයාට තම නිවෙස් වල සිටීමට බල කෙරෙන අතර ව්‍යාපාර වසා දැමීමට බල කෙරේ.
කෙසේවුවද කලබල වී ආහාර ගොඩගසා ගැනීමක් අවශ්‍ය නොවන බව ජපාන අගමැතිවරයා පවසයි.
"ප්‍රමාණවත් ආහාර සැලසුමක් ඇති බැවින් ඔබට අවශ්‍ය දේ පමණක් මිලට ගන්න.ආහාර නිපදවන කර්මාන්තශාලා අත්හිටුවන්නේ නැත." යනුවෙන් ඔහු පැවසීය.
ජපානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 3906 ක් වාර්තා වන අතර මරණ 93 ක් සිදුවී තිබේ.
පසුගිය පැය 24 තුළ ටෝකියෝවේ පමණක් නව රෝගීන් 80 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් එක් දිනක් තුළ ටෝකියෝවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
රෝගීන් 592ක් සුවය ලබා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ ප්‍රාන්ත හයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි