IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට

( තිළිණි ද සිල්වා )

විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග නිලධාරිනිය මීට පෙර දෙසතියක් සේවයේ නිරතව සිටි ජිනීවාහි  ශ්‍රී  ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ද ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.

 

ඒ අනුව ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ද සති දෙකක් වසා දමා එහි කාර්යාලය මණ්ඩලය ස්වයං නිරෝධායනයකට නිරත වීමට ද පියවර ගෙන ඇතැයි  එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

 

පූර්ව ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම නිලධාරිනිය සේවයට වාර්තා කළ දින තුළ මුණගැසුණු සියලුම නිලධාරීන්ටද, නිලධාරිනිය සහ පවුලේ සාමාජිකයා වාසය කරන අමාත්‍යාංශයට අයත් නිල නිවාසයන්හි වෙසෙන සියලුම නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයන්ටද, කාර්ය මණ්ඩලයට ද ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කළ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

 

විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකු කොරෝනා වෛරසය (COVID -19) ආසාදිතයකු වශයෙන් හඳුනාගැනීමෙන් පසුව සහ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා මෙම ආරක්ෂිත පියවර මාලාව ගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.



අදහස් (0)

ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site