(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.
ගොඩනැගිලි දෙකෙහි රෝගී පුද්ගලයන් වෙනුවෙන් අංග සම්පූර්ණ කාමර 16ක් ඉදිකෙරෙනු ඇත.
පසුගිය 18 වනදා මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, සතියකින් එහි කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd