කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආචාර්ය හූ වයිෆෙන් නම් මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි.
කොරෝනා වැළඳෙන විට ඔහු වුහාන් මධ්‍යම රෝහලේ රෝගීන්ට ප්‍රථිකාර කරමින් සිටියේය.
චීනයේ රෝගය ආරම්භ වූ මුල් කාලයේම එනම් ජනවාරි මාසයේදීම ඔහුට වයිරසය ආසාදනය වී ඇති අතර විවිධ රෝහල් වෙත මාරු කරමින් ප්‍රථිකාර ලබාදී තිබේ.
පසුව ඔහුගේ අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් සම කළු පැහැ ගැන්වී තිබුණු බව මාධ්‍ය වාර්තා කළේය.
මාර්තු මස මැද භාගයේදී ඔහුගේ රෝගය උත්සන්න වූ අතර මස්තිෂ්ක රක්තාපාත තත්ත්වයට පත්වී ඇති බව වෛද්‍යවරු පැවසූහ.
කෙසේවුවද ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රසිද්ධ කර නොමැති අතර ඒ සම්බන්ධව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවේචන සිදුකර ඇත.
මොහුගේ මරණය, කොරෝනා රෝගය සම්බන්ධව මුලින්ම අණාවරණය කිරීමෙන් පසු චීන බලධාරීන්ගේ උදහසට ලක්වූ ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාගේ මරණයට සමාන බව විවෙචකයෝ පවසති.
වුහාන් හි කොවිඩ් - 19 රෝගීන් 50,000කට වඩා තහවුරු වූ අතර වුහාන් මධ්‍යම රෝහල චීනයේ දරුණු ලෙස බලපෑමට ලක්වූ රෝහල් වලින් එකකි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට