(ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය.
මෙම වෛද්‍ය ආධාර තොගය රැගෙන චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ සහ උපකරණ ඇතුළත් ඇසුරුම් 1006 ක් මෙම ගුවන් යානයෙන තිබූ බව යූස්ටස් සිල්වා මහතා පැවසීය.
මෙම වෛද්‍ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළේ ගබඩා වල තබා හෙට දිනයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිතව ඇති බව යූස්ටස් සිල්වා මහතා කීය.



COMMENTS
ඉන්දියාවෙන්, යුරෝපයෙන් ආපසු ඇරපුවාද දන්නේ නෑ.
ලෝකෙටම කොරෝනා පතුරවපු චීන්නු දැන් හිඟන මෝඩයෝ ඉදිරියේ වීර වෙස්සන්තරලා වෙලා. අම්ම, අප්පව පමණක් නොවේ, සහෝදරිය හෝ බිරිදව විකුණගෙන යැපෙන ජාතියකට මේ වගේ අවලමුන්ගේ ජරාව ලොකු උනාට, අපිට නම් කොරෝනා හැදිලා මලා හෝ බඩගින්නේ මලත් මේ වගේ දහජරාව සතේකට මායිම් කරන්නේ නැහැ. එක අතකට ඉතින්, සුද්දන්ට, මේ රට පාවා දුන් අයයි චීන්නුන්ට රට පාවා නොදුන්නොත් තමයි අපි පුදුම වෙන්න ඕනා. හැබැයි කතාව නම් මහා ලොකු දේශප්‍රේමය? හිනා යනවා ඕවට,....
චීනයේ සිට සිව්වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ලබා ගනිද්දී ලංකාවේ නිෂ්පාදිත ඉහළ ප්‍රමිතියේ මුහුණු ආවරණ ඇමෙරිකාවට ලබාදීමට රජය කටයුතු කර ඇත. ලංකාවේ නිෂ්පාදිත ඇමෙරිකාව පවා මිලදී ගන්නා මුහුණු ආවරණ ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු කණ්ඩායම් වලට ලබා නොදී, ලංකාවේ නිෂ්පාදිත ඇමරිකාව යවා චීනයෙන් ලබා දෙන්නාවූ ( ප්‍රමිතිය නොදන්නා ) මුහුණු ආවරණ ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු වුවන්ට ලබා දෙන්නේ මන්ද ? ලෝකයේ වෙනත් රටවලට චීනයෙන් ලබාදෙන ලද පරිත්‍යාග සහ එම රටවල් චීනයෙන් මිලදී ගත් වෛද්‍ය උපකරණ සහ මුව ආවරණ ප්‍රමිතියෙන් තොර බව පවසමින් නැවත චීනයෙන් මිලදී ගැනීම් නවතා වෙනත් රටවලින් මිලදී ගැනීම මේවන විට කරනු ලැබේ.
චීනෙන් අපට හැමදාම ආධාර හම්බෙනවද?
අනිත් රටවල රිජෙක්ට් කරපුවා මෙහෙ ගොඩ බස්සනවා.
චීනා සරණං ගච්චාමි...!!
බබා කොනිත්තල අඬන කොට හාදු දීල සනසනවා වගේ වැඩ කරන්න චීනා හොඳට දන්නා බව මේ වැඩ කටයුතුවලින් පැහැදිලිවම පේනවා. චීන මාමා අපේ රටට ගොඩක් ආදරේ වගෙයි!!! මේ ගෝනිවල කොවිඩ් 19 වයිරස් ටොන් කීයක් අපේ රටට ගොඩබා තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවද?