IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 
 
කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ.
 
වුහාන් හි අගුලු ලිහිල් කිරීමෙන් පසු පළමු රෝගීයා අප්‍රේල් 03 වනදා වාර්තා වී ඇති අතර අද(11) වනවිට අලුතින් රෝගීන් පස් දෙනකු වාර්තා වී තිබේ. ඔවුන් එකම නේවාසික පරිශ්‍රයකින් වාර්තා වන බව බලධාරීහු පවසති.
 
රුසියානු සහ උතුරු කොරියා දේශ සීමා ආසන්නයේ පිහිටි ජිලින් පළාතේ ෂූලන් නගරයෙන් ද අලුතින් රෝගීන් 11ක් වාර්තා වී තිබේ.
 
වහාම ක්‍රියාත්මක වූ බලධාරීහු නගරය අගුලු දැමූ අතර හදිසි නීතිය ද ප්‍රකාශයට පත්කළහ. සියලු පොදු ස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර දී ඇත.
 
කෙසේවුවද චීනය පසුගිය සතියේ පැවසුවේ රටේ සියලුම කළාප අඩු අවදානම් ප්‍රදේශ ලෙස නම් කරන බවයි.

අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ ජිලින් පළාත මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහල දමා ඇත. පළාතේ පුළුල් ලෙස රෝගය පැතිර යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ජිලින් පළාත් බලධාරීන් පවසන්නේ රෝගීන්ගේ සෑම සමීප සම්බන්දතාවයක්ම හා සැක සහිත සෑම පුද්ගලයෙක්ම සොයා ගන්නා බවයි.
 
පසුගිය පැය 24 තුළ චීනයේ අලුතින් රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 28 වනදායින් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

ඒ අනුව මේ වනවිට චීනයෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 82 918ක් දකුවා ඉහල ගොස් තිබේ.
 
චීනයේ කොරෝනා අසාදිත මරණ 4 633ක් සිදුවිය.
 
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු මිනිසුන් නිදහසේ ගමන් බිමන් යන විට ආසාදන වැඩි වීමට ඉඩ ඇති බවයි.
 
(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (3)

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි

Chandika Monday, 11 May 2020 03:55 PM

රටට පිලිලයක්වූ දොස්තර මාෆියාවේ වැඩ...

:       14       51

Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 04:54 AM

චීනය ගැන හොඳින් දත් ඕස්ට්‍රේලියානු ප්‍රවීණ මහාචාර්යවරයෙකු පැවසූ පුවතක් අද උදේ දැක්කා. ඒ කියන්නේ වයිරසය පිටවෙලා තියෙන්නේ චීන රසායනාගාරයකින්. කොහොමද වැඩේ. "දැනගෙන චීනා -- මිතුදම් වානා..."

:       0       0

lalith silva Thursday, 14 May 2020 10:00 AM

අපිත් රට අරින්න ටිකක් හදිස්සි වුණා කියලා හිතෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site