චීන ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තීකරණයක් නොමැති වීම හේතුවෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇත.

‘‘චීන ජනගහනයෙන් වැඩි පිරිසකට තවමත් ‘කොවිඩ්-19’ ආසාදනය වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඊට ප්‍රධානම හේතුව ඔවුන් අතර ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තීකරණය ජනනය නොවීම’’ යැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු වන ෂොන්ග් නන්ෂාන්ග් අනතුරු ඇඟවීය.

සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

‘‘අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒක අනෙක් රටවල් හා සැසඳීමේදී හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ වෙලාව වෙද්දි අපි හැමෝම අවදානමේ’’ හෙතෙම කීය.

අල්ජසීරා

055