IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


චීනයෙන් ආනයනය කළ නව දුම්රියක් බෙලිඅත්තට පරීක්ෂණ ගමනක

(අනීෂා මානගේ)

චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.
 
එස් -14 වර්ගයේ මෙම දුම්රිය වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවැනි පන්තියේ මැදිරි දෙකක්, තුන්වැනි පන්තියේ මැදිරි තුනක්, භෝජනාගාර මැදිරියක් සහ එන්ජින් දෙකකින් සමන්විතය.
 
මෙම දුම්රිය අද සිය පළමු පරීක්ෂණ චාරිකාව දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන අංගනයෙන් ආරම්භ කර බෙලිඅත්තට දුම්රිය ස්ථානය දක්වා පැමිණියේය.

 



අදහස් (9)

චීනයෙන් ආනයනය කළ නව දුම්රියක් බෙලිඅත්තට පරීක්ෂණ ගමනක

janahitha Wednesday, 06 May 2020 11:50 AM

මලකඩ එහෙම නැති හින්ද, කිසි පෙනුමක් නැතිව අපිට පෙනෙන්නේ....

:       0       9

Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 12:32 PM

අගනා ක්‍රියාවක්... ඒත්, වෙහෙරහේන ඇතුළු පුරාන සිද්ධස්ථාන තුනකට පැමිණෙන ජනයාට එන්නට තිබු වෙහෙරහේන දුම්රිය ස්ථානය වෙනස්කොට එය කුඩා ලෙසට පත්කලා. අදාළ නිමකිරීම් වලට අවශ්‍ය පවරාගැනීම් සඳහා මුදල් ගෙවා තිබුනත්,ඒවායේ ඉදිකිරීම් කලේ නැහැ. මුදල් ලබාගත් අය තවමත් ඒවයින් ඉවත්වී නැහැ. මේනිසා මගීන් විඳිනා හිරිහැර එමටයි. ඉහත දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් බවට පත්කොට මගීන්ට සෙත සැලසීම අප්ප්‍රමාදව කල යුත්තකි. දුම්රිය ස්ථානයට සමගි මාවත පැත්තෙන් පිවිසීමට ඇති පාර එක්තරා අයෙකු ඉදිකිරීම් කල අයට මත්පැන් හා අල්ලස් දී මැටි හා ඉවතලන කොන්ක්‍රීට් කැබලි දමා වසා ඇත. තත්වය එසේ තිබියදී දුම්රිය ස්ථානයට ගොඩවීමට ඉතා අසීරු කෙටි උස පඩිපෙලක් සාදා ඇත. මේ පඩිපෙළෙන් වැටී අනතුරුද සිදුවී ඇත. මෙවන් විටෙක දුම්රිය වලින් ඇති ඵලය කිම?

:       3       216

rathnayaka - gallWednesday, 06 May 2020 03:51 PM

ඔයා කිවදේ හරි. ඔය අල්ලස් ගත්තේ පොහොට්ටුවෙක්...

:       155       31

hemantha Wednesday, 06 May 2020 12:57 PM

කී දවසක් ඔය විදියට තියේවිද දන්නේ නැහැනේ...?

:       0       3

janahithaWednesday, 06 May 2020 04:48 PM

සර්ව අසුබවාදී නොවෙමු දියුණු වෙමු....

:       0       21

Prasad Wednesday, 06 May 2020 04:03 PM

කෝච්චියේ නම කොරෝනා කුමාරිද? චීනයෙන් බෙලිඅත්තට නිසා...

:       34       9

රවින්Wednesday, 06 May 2020 07:29 PM

අයියෝ ප්‍රසාද් ! කොච්චි වලට එක එක කුමාරි නම් දැන් දාන්න කෙනෙක් නැති බව අමතක උනාද? එත් කියන්න බැහැ. සමහරවිට එක එක කොටු පාරවල් වලට දායිද කියලා...

:       0       1

de silva Thursday, 07 May 2020 03:24 PM

චිනේ බැංකු වලින් ගිනි පොලියට නය අරන් මාතර බෙලි අත්ත අතර කිසිම ප්‍රමිතියකට නොමැති රේල් පාරක් හදල , පැයට කිලෝමීටර් 40ක වත් වේගයෙන් දුම්රිය ධාවනය කරන්න බැහැ. බොහෝ ස්ථාන වල දුම්රිය ගමන් කරන්නේ පාපැදියක් වේගයෙන්... මේක මහා විහිළුවක්... දේශපාලකයෝ කොමිස් ගහපු නිසා අදාල සමාගම්වලට රේල්පාරේ ප්‍රමිතිය සම්බන්ධව කිසිම බලපෑමක් කරන්නේ නැහැ ...

:       0       19

de silva Friday, 08 May 2020 01:12 PM

ඕක ඉබි ගමනින් යන නිසා ඕකට සුදුසු නම "ඉබි කුමාරි" දැන් ලෝකයේ සෑම රටකම අලුතෙන් හදන රේල් පාරවල් පැයට කිලෝමීටර් 100 යන්න පුළුවන් විදිහට හදන්නේ , මේකේ 40 ටවත් යන්න බැහැ. බෙලිඇත්තේ ඉඳන් මාතරට යන්න පැයක් පමණ ගතවෙනවා ගාට ගාට යන මේ රේල් පාරට ඔච්චර බරින් වැඩි නවීන දුම්රිය අවශ්‍ය නැහැ.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 349 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site