(චමිල් රූපසිංහ)
ගවයෙකු මරා නිවෙස් වලට මස් බෙදා හැරි පුද්ගලයෙකු ගලගෙදර පරිපාලන මහජන සෞක්‍ය පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන අද අධිකරණට ඉදිරිපත් කළේය.
ඔහු ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර නැවත ජුනි මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නදිකා පියරත්න මහත්මිය නියෝග කළාය
නිවසේ ගවයෙකු මරා අලෙවි කරනු ලබන බව ගලගෙදර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ජනතාවගෙන් ලද තොරතුරක් මත ගලගෙදර මඩිගේ පදිංචි මෙම සැකකරු ගේ නිවස මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පරික්ෂා කර ගලගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට මරා දමනු ලැබ සිටි ගවයා හමුවි ඇති අතර මේ සම්බන්දව මෙම සැකකරුගෙන් විමසු අවස්ථාවේදි ඔහු විසින් පවසා ඇත්තේ දානයක් සදහා මෙම ගවයා මරා මස් නිවෙස් වෙත බෙදා හැරි බවය.
බලපත්‍ර හා නිසි අවසරයෙකින් තොරව මනිස් පරිභෝජනය සදහා නුසුදුසු ගවමස් නිෂ්පාදනය හා බෙදා හැරිම යටතේ මෙම සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා ගලගෙදර පොලිසිය හා ගලගෙදර ප්‍රාදේශිය සභාවේ සහයෝගයද ලැබුණු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසුහ.
COMMENTS
ඔකද නිතිය..?
දානයකට ගවයෙක් මැරුව? කොහොමද බොරුව. හාමුදුරුවරු ගවමස් කන්නෙත් නැහැ. දාන වලට ගවමස් දෙන්නෙත් නැහැ. අහිංසක සතෙක් මරලා හරි මුදල් හම්බ කරන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මෙවන් කාලකන්නිත් ඉන්නවා.
අපේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි නේද?
ඔය පාරවල් ගානේ සහ සියලුම මස් කඩ වල එල්ලලා තියෙන්නේ හරිනම් මිනිස් පරිබෝජනයට නුසුදුසු මස් තමයි . මොන ක්‍රමේටද දන්නේ නැහැ පී එච් අයි මහත්තුරු මේවා මිනිස් පරිබෝජනයට සුදුසුයි කියල තීරණය කරන්නේ
ඇප පිට නිදහස්... එහෙමත් සත්තු මරන්න පුළුවන්ද හිතුමතේට?
මිත්‍යාවට තවදුරත් රජකරන්න නීතියෙන් ඉඩ දීම හොඳ නැහැ. මෙවැන්නන් සමාජයේ පිළිකුලට භාජනය කරවිය යුතුයි.