(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතීය පැනවීමෙන් පසු ගෙවුණු පැය 24 තුලදී පුද්ගලයන් 809 අත් අඩංගුවට ගෙන වාහන 166 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඉකුත් 20 වැනි දින සිට අද අලුයම 6 දක්වා අත් අඩංගුවට ගත් මුලු පුද්ගලයන් ගණන 6850 වන අතර වාහන 1643 පොලිස් බාරයට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කරයි.
COMMENTS
මේ විදියට දිගටම ඇඳිරි නීති දාලා තිබ්බාම කොහොමත් මිනිස්සුන්ට ඇඳිරිනීතිය කඩන්න වෙනවාම තමයි. ඇඳිරි නීතියෙන් විතරක් කොරෝනා මර්දනය කරන්න බැහැ කියලා දැන්වත් තේරුම් ගන්න. මේ තීන්දු තීරණ ගන්න ලොකු ලොක්කෝ හොදින් හෝ නරකින් තව පරම්පරා ගණනකට හම්බ කරගෙන තියන නිසා එයාලාට නැති බැරි මිනිහගේ දුක තේරෙන්නේ නැහැ.කොහොමත් තව වැඩි දවසක් යන්න කලින් මිනිස්සු දහස් ගණනක් බලෙන්ම පාරවල් වලට බැහැලා බලයෙන්ම කඩ කඩලා බඩු අරගෙන යාවි. ගෙවල් වල දරුවෝ බඩගින්නේ අඩන කොට දෙමව්පියන්ට වෙන කරන්න දෙයක් නැහැ. එදිනෙදා කුලිය කරන මනුස්සයෝ සේරටම තව ටික දවසකින් තමන්ගේ දරුවොත් එක්ක වහ බොන්න තමයි වෙන්නේ...
මෙන්න මෙහෙමයි කොරෝනා වලින් බේරෙන්නේ. අපේ සහයත් ගෙදර සිටම රටටම. අන් සියල්ලටම වඩා කොරෝනා වලින් බේරීම අංක එක.