(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරිි)
වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන නුවරඑළිය නගරාස්නයේ පිහිටි ගැල්වේස් ලෑන්ඩ් වන උද්‍යානය ලබන 22 දින සිට සංචාරකයන් සදහා විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාණ භාරකරු එම්.ජි. විමලරත්න මහතා පැවසීය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් (19) සිදු කරමින් විමලරත්න මහතා කියා සිටියේ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් එම වන උද්‍යානය නැරඹිමට පැමිණෙන සංචාරකයන්ට අවස්තාව උදාකරදෙන බවයි.
දිවයිනේ සියලු සත්ත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන හා වන සංරක්ෂණ උද්‍යාන විවෘත කිරිමට රජය ගෙන ඇති තීරණයට සමගාමිව ගැල්වෙස් වන උද්‍යානයද විවෘත කිරිමට පියවර ගෙන ඇත.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ග්ලැවේස් වනෝද්‍යානය පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.