( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සඳුදා(06) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1327 ක් අත්අඩංගුවට ගෙන වාහන 312 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි..
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු සඳුදා(06) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 14795 ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 3665 ක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd