IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ගත වු පැය 24ක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 106,000ක්

ලොවපුරා පැතිර යන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ බදාදාඑනම් ඊයේ (20) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.
 
‘නව කොරෝනා වයිරස’ ගෝලීය වසංගතය දැන්ම අවසන් නොවන බවත් තවත් එය අවසන් වීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක් දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව සඳහන් කළේය.
බදාදා, එනම් ඊයේ (20) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ලොවපුරා රටවලින් කොරෝනා ආසාදිතයන් 106,000ක් හමු වී ඇත. වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් අනතුරුව දිනක් ඇතුළත ලොවපුරා රටවලින් වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව එය යි.

පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වනවිට රටවල් හා පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. ඉන් රටවල් රටවල් 184කට ආසන්න සංඛ්‍යාවකින් කොරෝනා ආසාදිත මරණ වාර්තා වේ.
 
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම අනතුරු ඇඟවීම කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් වන දෛනික ගෝලීය තතු දැනුම් දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු දෛනිකව මාධ්‍ය හමුවක් පවත්වති.

 ‘‘වයිරසය දුප්පත් රටවල පැතිරීම ආරම්භ වෙලා. ධනවත් රටවල් ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කරද්දි වයිරසය දුප්පත් රටවල පැතිරෙනාව’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීවේය.
 
‘‘වසංගතය අවසන් වෙන්න තවත් බොහෝ කාලයක් යාවි. අපිට යන්න ලොකු ගමනක් තියෙනවා. අඩු සහ මැදි ආදායම් රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් විමසිලිවත්ව සිටිනවා’’ යැයි ද ඔහු කීය.
 
නව කොරෝනා වයිරසය ලතින් ඇමෙරිකානු රටවල වේගයෙන් පැතිර යමින් තිබෙන අතර එම කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය යි. ඇමෙරිකා එක්සත් ජනපදයට සහ රුසියාවට පසු තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපයේ රටවල් නව්‍ය ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේය. කාර්යබහුල නගර වීදිවල මුඛ ආවරණ අනිවාර්ය කිරීමට ස්පාඤ්ඤය පියවර ගත් අතර කිසිදු වෙනස්කමක් නොකර පිහිණුම් තටාක විවෘත කිරීමට ජර්මනිය පියවර ගෙන ඇත.
 
සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි අවස්ථාවලදී ද අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළැඳිය යුතු බවත් වයස අවුරුදු 6ට අඩු සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අයට පමණක් එය අනිවාර්ය නොවන බව ද ස්පාඤ්ඤය ආණ්ඩුව නිවේදනය කළේය.
 
රොයිටර්ස්ද ගාඩියන් 
ඡායාරූප - බ්‍රසීලයේ සමූහ මිනීවලවල් (ඒ.එෆ්.පී./රොයිටර්ස්)
 
055
 

 



අදහස් (0)

ගත වු පැය 24ක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 106,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site