(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගෙවුණු පැය 24 තුළ (අද උදෑසන 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 159ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
ඉකුත් මාර්තු මස 20 වැනි දා සිට මේ දක්වා දින 39 ක් තුළදී ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 41557 ක් අත්අඩංගුවට ගෙන වාහන 10719 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කරපු වැඩේ හරිවැරැද්ද දන්නේ ඒ මිනිස්සුම තමයි. හැබැයි බොරුවට ගැසට් කරල නැති ඇඳිරිනීතියක් යටතේ අත්අඩංගුවට ගන්න බෑ. රන්ජන් ගේ ඇඳිරිනීති නඩුව දැනටමත් කැලේ.