(නවරත්න සමරතුංග)
නැගෙනහිර පළාතේ කල්මුණේ ආශ්‍රීත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ලක් සතොස අලෙවිසැල් 13 ක් වසා දමා තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය කියයි.
තිරුක්කෝවිල්, අක්කරපත්තුව, සමන්තුරේ, කල්මුණේ, නායපට්ටමුණේ ආදී ප්‍රදේශවල ලක් සතොස ආයතන 10 දැනට සතියක පමණ කාලයක් වසා දමා ඇති බවත් එයට සමගාමීව මඩකලපුව සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල අලෙවි සැල් 3 ක් ඇතුළු ශාඛා 13 මේ වන විට වසා දමා ඇති බව එම සංගමය චෝදනා කරයි.
වහාම විවෘත කර ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් සලසන ලෙස සමස්ත ලංකා පොදුසේවක සංගම් සභාපති එස්.ලෝගනාදන් මහතා රජයෙන් ඉල්ලා සිටී.
කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින කණගාටු දායක තත්වය අවස්ථාවක් කරගෙන මෙම වෙළෙඳසැල් වසා දැමීම බලවත් අසාධාරණයක් බව ඔහු කියයි.
ලක් සතොස ප්‍රාදේශීය කළමණාකරුගෙන් මේ සම්බන්ධව කළ විමසීමේදී මෙය ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ නියෝග මත මෙසේ ලක් සතොස ආයතන වසා තබන බව සඳහන් කළේය.
සමුපකාර සමිති සංගම් වලට අයත් සතොස ප්‍රාදේශික පවා මෙම පළාත්වල ක්‍රියාත්මක නොවන බවත් අඩාලවී ඇති එම සමිති සංඛ්‍යාව 25 ක් පමණ වන බවද ලෝගනාදන් මහතා කීවේය.
සතොස සහ ලක් සතොස ආයතන වසා තැබීමෙන් එහි කාර්ය මණ්ඩල පවා වැටුප් නැතිව ගොස් අසරණ බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

COMMENTS
කොළඹට සතොසෙ තොග බඩු ඇති තරම්. ගෙවල්වලටත් ප්‍රවාහනය කර දෙයි. නැගෙනහිර ශාඛා 13ක් වහලා. මොලේ ඇත්තෝ සිද්ධිය තේරුම් ගනිත්වා.
කල්මුණේ කියන්නේ වෙනම රටක්ලු නේද ?
දැන් තමා රජය මතක් උනේ. ඡන්දය දුන්න අයගෙන් ඉල්ල ගන්න.
හේතුවක් හරිහැටි නොදැන අපිට අදහස් දක්වන්නත් බැහැ.
සමහරවිට ඔය ැන්වල බඩු නැතුව දේශපාලුවෝ ඒ අයගේ ගෙවල්වල ඒවා ගෙනත් ගොඩ ගහගන්නට ඇති.
ශ්‍රී ලංකා යුධ හමුදාව සතුරාටත් මිතුරාටත් බෙධයක් නැතිව සළකන නිසා, ඔය කිව්ව කාරණය සත්‍යයක් නම් හෙට වන විට සහනයක් සලසාවී.
කොච්චර කරත් හොඳක් නැහැ