ඩී.ජී.සුගතපාල
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අද(05)තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කලුතර පුද්ගලයාට කෙරෝනා වැළඳිමෙන් පසු ඔහු සමග බස් රථයේ පැමිණි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් පිරිසක් මාතර කඹුරුගමුව ලැබිම රෝහලට සහ කරාපිටිය රෝහලට ඊයේ (04) ඇතුලත් කර ඇත.
එහිදි කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ ලැබීම රෝහලට ඇතුලත් කරන ලද අකුරැස්සේ මලිදුව පදිංචි පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනයවි ඇති බවයි.
ඔහු 42 දෙහැවිරිදි පුද්ගලයෙකි. රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම රෝගියා අද කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවන බවයි.
COMMENTS
අනිවාර්යයෙන්ම බස් එකේ කොරෝන විෂබීජ තිබිල තියනවා... ලබන කණ්ඩායම ගෙදර යවනකොට කැමති කෙනෙකුට පුද්ගලික වාහනයකින් ගෙදර යන්න ඉඩ දෙන්න. මින් ඉදිරියට 30-40 එකට නිරෝධනය කරන්න එපා... උපරිම 5 දෙනෙකු ඉන්න කණ්ඩායම් වශයෙන් වෙන වෙනම කාමරවල නිරෝධනය කරන්න... මින් ඉදිරියට තමන් පදිංචි දිස්ත්‍රික්ක තුලම තිබෙන මධ්‍යස්ථාන වලම නිරෝධනය කරන්න. උදහරණයක් වශයෙන් ගත්තම මාතර පදිංචි පුද්ගලයෙකු කන්දකාඩු යවන එක සුදුසු නැහැ...