(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද(30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන එම ගුවන් යානය ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළෙන් පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබීය .
මෙම සිසුන් පිරිස ගුවන් යානය තුළත් දුරස්ථභාවය රැකෙන අයුරින් අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතටත් එකිනෙකා පිටුපසින් , පේලියට , සීරුවට ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් බස්සවා ගැනීම ද සිදු කෙරුණි .
ඉන්පසුව මෙම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමට ලක් කළ අතර , ඊට පසුව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණි .
පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් , ඔවුන්ගේ බස් රථ වලින් ,ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් විතරක් ආවානම් පොඩි දරුවොත් එන්නෙ කොහොමද?
රට ඉන්න මිනිස්සු ගෙනාවට කොළඹ ඉන්න. මිනිස්සු මාතරට යවන්න වැඩ පිළිවෙළක් නැහැ...
ගුවන් යානයේ පසුපස ආසන තිබියදී ඇයි මේ අය එකලඟ ඉඳගන සිටින්නේ?
අරාබි කරයේ අතරමන්වෙලා ඉන්න ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගෙන්වන්නේ කවදද ?
මමනම් කියන්නේ මේ ළමයි ( එහෙම හිටියනම් මීට වඩා ආරක්ෂාවයි. අපරාදේ මහජන සල්ලි.