IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොරියාවේ රැකියා සුරක්ෂිත බව විදේශ අමාත්‍යාංශය කියයි

( තිළිණි ද සිල්වා )

දකුණු කොරියාවේ ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව විදේශ සබදතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව සහතික කර ඇති බව ද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.

කොරියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා වල ස්වභාවය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාප තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටින බවද අමාත්‍යාංශය ලේකම්වරයා කීය. 

මීට අමතරව, වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය නිසා සිදුවන අවතැන්වීම් හේතුවෙන් ඇතිවිය හැකි රැකියා හිඩැස් පිරවීම සඳහා පවත්නා ඉඩප්‍රස්ථා පිළිබඳව ද එම කාර්යාලය  සොයා බලන්නේ යැයිද හෙතෙම කීය.

 

 



අදහස් (0)

කොරියාවේ රැකියා සුරක්ෂිත බව විදේශ අමාත්‍යාංශය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1045 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site