ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල 125 ක්, රෙදි සෝදන යන්ත්‍රයක්,විශේෂිත ආරක්ෂිත කැමරාවක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කිරීම අද (28) සිදුවිය.
මෙම පරිත්‍යාග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් කණ්ඩායමක් වන චින්තක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් විසින් ඔවුන්ගේ පෞද්ගලික ධනය වැය කර සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ලහිරු සසංක ලියනගේ මහතා විසින් සිදුකර ඇත.
මෙම කටයුත්තේ දී බද්දේගම ඉඳිගස්කැටිය ස්ටාර් ගාමන්ට්ස් ආයතනය තමන් වෙත ලබා දුන් සහයෝගය ද අගය කරන බව මෙම කටයුතුවලට මූලිකත්වය දුන් චින්තක නානායක්කාර මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd