IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන

වියළි කාලගුණයෙන්  කුඩා තේවතු හිමියන්ට සිදු වූ පාඩුවට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම පොහොර සැපයුම්කරුවන්ගේ ගෙවිය යුතු හිග බිල්පත් මුදල් ගෙවීම සඳහා රුපියල්  බිලියන 3 ක මුදලක් වෙන් කර  ඇත.

ඉදිරියේදී පොහොර ආනයන සමාගම් වලට  රාජ්‍ය හා පෞද්ලගික ආයතනවලට භාණ්ඩාගාරයෙන් නිදහස් කරන මුදල් ලබාගෙන සිය බැංකු කටයුතු නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවති. ඒ අනුව කිසිදු පොහොර හිගයක් ඉදිරියේදී ඇති නොවීමට  කටයුතු කළ හැකි යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. 

සංචාර ව්‍යාපාරය, රෙදිපිළි ඇගළුම්විදේස සේවා නියුක්තිය,අපනයන කර්මාන්තය, සුළු පරිමාණ ව්‍යාපාර අංශය,තොරතුරු තාක්ෂණ , යන අංශ 5ට වවසන්ගත තත්ත්වයේ දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් ඒ අයට සහන සැළසීමට ද රජය තීරණය කර තිබේ ඒ අනුව,

 මාස හයක කාලයක් බැංකු සහ මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික නොගෙවා සිටීමට  අවස්ථාව ( මාර්තු 20 වැනිදා සිට මාස 6 ක්)  සිය කාරක ප්‍රාග් ධන අවශ්‍යා සඳහා 4%  පොලියට  අදාල ආයතනය ගනු දෙනු කරන බැංකුවෙන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බැංකුව මගින් බැංකුවලට දැනුම් දී ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට හිග මුදල් ගෙවිම සඳහා රුපියල් බිලියන 5 ක මුදලක් වෙන්කිරීමටද රජය තීරණය කර ඇත.

දෛනික වැටුපට වැඩ කරන ජනතාව වෙනුවෙන් නව සහන වැඩපිළිවෙල කිහිපයක්ම හඳුන්වා දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

පරිප්පු කිලෝවක්  උපරිම සිල්ලර මිල  රුපියල් 65 ක අලෙවි කිරීමට සහ  ටින් මාළු  එකක උපරිම සිල්ලර මිල රුපියල් 100 ට අලෙවි කිරීම සහ ලොකු ලූනූ මිල  අඩු කිරීම එක් පියවරක් ලෙසද සඳහන් කළේය.

 ඊයේ(18)   පැවැති කැබිනට් හමුවේදී මෙම තීරණ ගෙන තිබේ.

කොරෝනා වයිරසය ( කෝවිඩ් 19) හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම සහන මහජනතාවට ලබා දීමට තීරණය කර  තිබේ. 

කැබිනට් තීරණ දැනුම්දීමේ  හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා  මේ බව පැවැසීය.



අදහස් (3)

කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන

MOHAMED Thursday, 19 March 2020 06:09 AM

කල් පැනපු සැමන් වලට මොකද ආණ්ඩුව කරේ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද.?

:       47       434

RaveendraThursday, 19 March 2020 06:20 AM

අප තරයේ විස්වාස කරනවා දියවන්නඔය 225 ම ගිලින්න දීම රට කරන සෙත ලෙස.

:       1       25

himaliThursday, 19 March 2020 06:36 AM

නැවත දැනුම්දෙන තුරු හෙට සිකුරාදා සිට සියලු ජුම්මා මෙහෙයන් වහා නාවතා දමන්න නියෝග කරන්න.

:       21       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site