IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා සහන වැඩට නෙලුව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 5 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා මේ වන විට සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක් වැය කර ඇතැයි නෙලුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම් අයි ජී සුනිල් මහතා පැවසීය.
 
මීට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ආණ්ඩුකාර අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 10 ක් ලබාදීමට එකගවී ඇතැයිද සුනිල් මහතා සදහන් කළේය.

දැනට සභා අරමුදල් වැය කර නෙලුව නගරය, පොලිසිය, ග්‍රාමීය රෝහල, බස් නැවතුම්පොල සහ වෙනත් පොදු ස්ථාන විෂබීජහරණය කිරීම දින දෙකකට වරක් සිදු කරන බවද ඒ මහතා පැවසීය.
 
මීට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශ මත ඉතාමත් දුගී පවුල්වලට, නිදන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයින්ගේ පවුල්වලට සහ වෙනත් ආබාධිත පුද්ගලයිගේ පවුල්වලට තවලම විවිධ සේවා සමුපකාර සමිතියේද සහාය ඇතිව රුපියල් දහසක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් නොමිලේ ලබාදීමටද පියවර ගෙන තිබේ.

 ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් විසින් සූරියවැව ප්‍රදේශයට ගොස් එළවලු මිලදී ගෙනවිත් ඒවා ජනතාවට සහන මිලට ලබාදිමේ වැඩ පිළිවෙලක්ද ආරම්භ කරන බවද සුනිල් මහතා පවසයි.
 
දැනට ජල හිගයෙන් පීඩා විදින ගම්වාසින්ට ප්‍රාදේශීය සභාවේ බවුසර් යොදවා ජලය බෙදාහැරිමද එම ප්‍රාදේශී සභාව මගින්
සිදු කර ගෙන යනු ලබයි.



අදහස් (2)

කොරෝනා සහන වැඩට නෙලුව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 5 ක්

කුමුදු කුමාර Saturday, 28 March 2020 06:53 AM

වෙනත් ප්‍රාදේශීය සභා මිලියන ගණන් ‌කොරෝනා වියදම් කරද්දි මේ ආයතනය ලෂ 5ක් යොදවා තියෙන එකෙන්ම ‌පේනවා තමන්ගෙ මිනිස්සුන්ට සළකන විදිය.

:       0       0

Dilan Saturday, 28 March 2020 07:36 AM

හිඟා කෑවා නම් ඔයිට හොඳයි. නෙළුව ප්‍රාදේශීය සභාව ආදායම වැඩිම සභාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site