සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ඉමදූව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතැයි ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්තුමාර මහතා පවසයි.
ඒ අනුව පීඩාවට පත්ව සිටින ජනතාවට සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට සැලසුම් කර තිබේ.
එහිදී ඇල්ලලගොඩ ගුණානන්දාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන කුඹුරු හිමියන්ගෙන් නොමිලේ වී ලබා ගෙන වී කොටවා හාල් කිලෝ කීපයක්, පරිප්පු, සීනි, සැමන් ඇතුලු වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ජනතාවට බෙදාදීමට යයි.
මෙහිදි ඇල්ලගොඩ ගුණානන්දාරාම විහාරාධිපති නෙලුවේ කුසලඥාණ හිමියන්ගේ මාර්ගයෙන් කුඹුරු හිමියන්ගෙන් වී ලබා ගැනිමට බලාපොරොත්තුවන බවද සරත් කුමාර මහතා පැවසිය.
මීට අමතරව අගුලුගහ ප්‍රදේශයේ සභාව සතු ඉඩමක පිහිටි ළිදකින් ජලය ලබා ගෙන දැනට පානිය ජල හිගයෙන් පීඩාවට පත් ජනතාවට බවුසර් මගින් මේ වන විට ජල ලිටර් ලක්ෂ පහක් බෙදාහැර ඇතැයිද සරත්කුමාර මහතා සදහන් කළේය.
දැනට ඉමදුව, දික්කුඹුර, අගුලුගහ යන නගරද පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු වෙනත් පොදු ස්ථාන විෂබීජහරනය කර ඇති අතර 30 වන දින ඇදිරි නීතිය ඉවත් කළ පසු නැවත විෂබීජහරණය කිරිම සිදු කිරිමට කටයුතු යොදා ඇත.
ඉමදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවුල් 16000 ක් ජිවත් වන අතර ඔවුන් වැඩිදෙනා තේ වගාවෙන් ජිවත්වන අය වෙති.
එහෙත් දැඩි නියග සමග තේ වගාවටද හානි සිදුවී ඇති නිසා කිසි දිනක ආධාර අවශ්‍ය නොවු පිරිසකටද කොරෝනා වයිරසය නිසා ආධාර අවශ්‍ය වී ඇති බවද සරත්කුමාර මහතා
සදහන් කළේය.
ඉමදුව ප්‍රාදේශීය සභාවද ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලින් එකකි.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා සහන වැඩට ඉමදූව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක්
Sisira. greeciya Saturday, 28 March 2020 08:00 AM
ඔබ සැමගේ මෙම සද්ක‍්‍රියාව බොහෝම අගය කරමි... ඔබසැමට බුදු සරණයි.