IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා සාම්පල් ගන්න රත්නපුර රෝහලට ආරක්ෂිත කුටියක්

අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර

කෝවිඞ්  19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා  ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට රත්නපුර ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරු පියවර ගනිති.

රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය පුබුදු පේළිආරච්චි මහතාගේ උපදෙස් මත හෝමාගම ලේටෙක්ස් ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්‍ෂ සංජීව නවරත්න මහතා ඇතුලූ කාර්ය මණ්ඩලය මෙම විෂබීජ නාශක කුටියක නිපදවා තිබුණි.

මෙම සාම්පල් ලබාගැනීමේ දී භාවිත කරන ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් රුපියල් තුන් දහසක් වැනි මුදලක් වන අතර එය භාවිත කර හැක්කේ එක් වරක් පමණි.

නමුත් මෙම ආරක්‍ෂිත කුටියේ සිට ආසාදිතයන් විශාල පිරිසකගේ ජෛව සාම්පල ලබාගත හැකිය.


වෛද්‍යවරයාට ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් නොමැතිව ජෛව සාම්පල් ලබාගත හැකි වීමත්, එය තැනින් තැනට ගෙනයාමට හැකිවීමත් මෙම කුටියේ ඇති විශේෂත්වයයි.

රත්නපුර ශිෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු, ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ වෛද්‍ය උපුල් රත්නායක යන මහත්වරුනට එම විෂබීජ නාශක කුටියක පසුගිය 11දා බාරදෙනු ලැබීය.


 



අදහස් (2)

කොරෝනා සාම්පල් ගන්න රත්නපුර රෝහලට ආරක්ෂිත කුටියක්

isurandi Sunday, 12 April 2020 12:17 PM

අතිවිශිෂ්ටයි.

:       0       11

Kumar Sunday, 12 April 2020 02:38 PM

කිසිම වැඩක් නැති නිපැයුමක්. කිහිපවරක් සාම්පල් ලබාගත් විට ඔය අත් දෙකේ සහ කුටියේ ඉදිරිපස වෙසෙන කොරෝනා වෛරස නැති අයටත් ලැබෙන්න පුළුවනි. රෝගියෙකු කැස්සත් ප්‍රශ්වාස කළත් මේ වෛරස විසිරී යන නිසා සාම්පල් ගත් සෑම අවස්ථාවක කුටියේ ඉදිරිපස පිරිසිඳු කරන්න වෙනවා. ඇමෙරිකාවේ සාම්පල් කොටි ගණනක් අරගත්තේ කුටිවල හැංගිලා නොවේ. ඇමෙරිකාවේ හෙදියන්ගේ ඇදුම් කට්ටල ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඇදුම් කට්ටල වගෙයි. එවැනි දෙයක් පැළදගෙන තමන්ගේ රැකියා කරන එක තමා හොඳ. එවැනි ඇදුම් පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site