IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කොරෝනා සැදී සිටි වයස්ගතම ආසාදිතයා සුවය ලබයි

විනීතා එම් ගමගේ

කොවිඞ් 19 වයිරසය ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා වන 94 හැවිරිදි පාතිමා සම්පූර්ණ සුවය ලබා ඉකුත් දා අයි ඞී එච් රෝහලෙන් පිටව ගියාය.

අසාධ්‍ය තත්ත්වයෙන් වැලිකන්ද රෝහලේ සිට අයි ඞී එච් රෝහලට එවනු ලැබ තිබුණු ඇය මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම රෝහලේ ප‍්‍රතිකාර ලැබුවාය.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී කොවිඞ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර සිටි ඇය එම රෝගය හේතුවෙන් ඇතිවූ දැඩි පාචන තත්ත්වයට මුහුණ දී ඇති අතර මේ නිසා අයි ඞී එච් රෝහලට මාරු කර එවා තිබිණි.

ඇය සුවපත් කරන්නට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිදුවූ බවත් වයස් ගත රෝගීන්ට බරපතල හානි සිදුවනබැවින් ඇය පිළිබද සුවිශේෂී අවධානයකින් ප‍්‍රතිකාර කළ බවත් ඇය සම්බන්දව තොරතුරු විමසූ අවස්ථාවේ අයි ඞී එච් රෝහලේ නිලධාරිනියක් ලංකාදීපයට පැවැසුවාය.

සුවවී රෝහලෙන් පිටව යන ඇයට රෝහල් කාර්ය මණ්ඩලය සුභපතමින් තෑගි බෝග ද පිරිනැමූ බවත් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කරමින් පිටව ගිය බවත් එම නිලධාරිනිය තව දුරටත් කීවාය.  



අදහස් (3)

කොරෝනා සැදී සිටි වයස්ගතම ආසාදිතයා සුවය ලබයි

Raveendra Tuesday, 19 May 2020 10:22 AM

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියල්ලෝටම යහපතක්ම වේවා ! !! මේ අම්මාටත් නිදුක් නිරෝගිව කිසිදු කරදරයකින් තොරව සිටීමට හැකි වේවා!!!!

:       0       0

රවින් Tuesday, 19 May 2020 11:46 AM

නියමයි !! වයස්ගත වැඩිදෙනා කොහොමහරි මේ රෝගයෙන් ගැලවෙනවා නේද? තව පුවතක් දැක්කා ස්පාඤ්ඤයේ සිටින වයස්ගතම ආච්චි ස්පාඤ්ඤය උණ, පලවෙනි ලෝක යුද්ධය , දෙවෙනි ලෝකයුද්ධය හා කොරෝනා වලින් බෙරිච්ච කෙනෙක්ය කියලා. අනේ වාසනාවන් අපෙත් ආයු ගෙන ඔබ ජිවත්වේවා !!!.

:       0       0

Prabha Tuesday, 19 May 2020 12:49 PM

දැන් කොහොමද එක ජාතියක වෙනස් විදිහට සලකනවා කියකියා අපි යන්නේ...?

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site