IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කොරෝනා වයිරසයේ ප්‍රභේද 3 ක් ගැන පර්යේෂණයකින් තහවුරු වෙයි

මාරාන්තික කොවිඩ් - 19 වයිර‍සයේ ප්‍රභේද තුනක් ලෝකයේ පැතිරෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත.
 
එම විශ්වවිද්‍යාල‍යේ පර්යේෂකයන් පිරිසක් දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වා සිදුකරන ලද වයිරසයේ ජාන ඉතිහාසය අධ්‍යයනයෙන් මෙම නිගමනයට එළැඹ ඇත. ඔවුන් පවසන්නේ කොවිඩ් - 19 වයිරසයේ එකිනෙකට සුළු වෙනස්කම් සහිත ප්‍රභේද තුනක් හඳුනාගත් බවයි.
 
පැන්ගෝලියන් සත්ත්වයකු හරහා වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි දැනට විශ්වාස කරන මුල් ප්‍රභේදය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් හඳුන්වා ඇත්තේ (ඒ) ප්‍රභේදය ලෙසිනි. එසේ වුව ද එය චීනයේ සුලභ ප්‍රභේදයක් වී නැත. චීනයේ වසංගතය පැතිරයාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ (බී) ප්‍රභේදයයි. එය දෙසැම්බර් මාසයේ අවසානය දක්වා චීනයේ සංසරණය වී තිබේ.
 
එසේ වුව ද පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පැහැදිලිවන්නේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැතිරෙමින් පවතින්නේ (ඒ) නමැති ප්‍රභේදය බවයි. එම ප්‍රභේදය ආසාදනය වීමෙන් රෝගී වූ 400,000කට වඩා වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් පවසයි. ඇමෙරිකාවේ ආසාදිතයන් අතරින් තුනෙන් දෙකක කොටසක් ආසාදනය වී ඇත්තේ කොවිඩ් - 19 වයිරසයේ A ප්‍රභේදය හේතුවෙනි. එම රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බටහිර වෙරළ තීරයෙනි. නිව්යෝර්ක්වලින් එම ප්‍රභේදයෙන් ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත්තේ සුළු වශයෙනි.
 
කේම්බ්‍රිජ් විද්‍යාඥයන් පවසන්නේ ඇමරිකාවෙන් ලබාගත් සාම්පල 310 ක් අතරින් රෝගීන් තුනෙන් දෙකක් ආසාදනය වී ඇත්තේ (ඒ) ප්‍රභේදයෙන් බවයි.
 
එසේ වුව ද නැව්වල දී රෝගී වූ ඇමෙරිකානුවන් ගේ බහුලව දක්නට ඇත්තේ (බී) ප්‍රභේදයයි.
 
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය පීටර් ෆෝස්ටර් පවසන්නේ බ්‍රිතාන්‍යයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේද හේතුවෙන් ආසාදනය වූවන් බවයි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල ද වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේදයෙන් ආසාදනය වූවන් බව ඔහු පවසයි.
 
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ පළමු රෝගියා සහ ඔහුගේ මව ආසාදනය වී ඇත්තේ (ඒ) ප්‍රභේදයේ වයිරසයෙනි. මොවුන්ට ආසාදනය චීනයෙන් පැමිණි බව ද දැනට තහවුරු වූ කරුණකි.
 
එංගලන්තයේ, ස්කොට්ලන්තයේ හෝ වේල්සයේ සාම්පලවල (ඒ) ප්‍රභේදය බහුලව නොමැති අතර වයිරස ආසාදිතයන් 40ක් අතරින් 30කට ආසන්න ප්‍රමාණයක් B ප්‍රභේදයෙන් ආසාදනය වී තිබිණි.
 
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති අනෙකුත් සිද්ධීන් (සී) ප්‍රභේදයේ වන අතර එම ප්‍රභේදය නැගෙනහිර ආසියාව දක්වා පැතිර පවතින බව තහවුරු වී තිබේ. බ්‍රිතාන්‍යයේ පළමු රෝගියා සිංගප්පූරුවේ ව්‍යාපාරික සමුළුවකට ගොස් පැමිණ සසෙකස් හි විශාල සංඛ්‍යාවක් ආසාදනය කර ඇති බව වාර්තා වෙයි.
 
පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් - 19 වයිරසයේ (බී) ප්‍රභේදය වෙනස් වී (සී) ප්‍රභේදය නිර්මාණය වී තිබෙන බවයි. (සී) ප්‍රභේදය සිංගප්පූරුව හරහා යුරෝපය දක්වා පැතිර පවතී.
 
ජාත්‍යන්තර PNAS සඟාරාවේ ප්‍රකාශයට පත්කර ඇති දත්තවලින් පැහැදිලි වන්නේ (සී) ප්‍රභේදය යුරෝපයේ වඩාත් සුලභ බවයි. නමුත් දත්ත අනුව (සී) ප්‍රභේදයට වඩා වේගයෙන් (බී) ප්‍රභේදය ව්‍යාප්තවන බව පෙනීයයි.  මේ බව තහවුරු කරගෙන ඇත්තේ නිව්යොර්ක් හි වැඩි දෙනකු යුරෝපයෙන් පැමිණි බව සොයාගත් පසු සිදුකෙරුණු අධ්‍යයනයකිනි.
 
පර්යේෂකන්ගේ අදහස වී ඇත්තේ සාර්ස් රෝගයට හේතු වූ SARS-CoV-2 වයිරසය විවිධ රටවල දී වෙනස් වූ ආකාරයටම කොවිඩ් - 19 වයිරසය ද වෙනස් නිරන්තරවම වෙනස් වෙමින් පවතින බවයි. විවිධ රටවල ඒ ඒ ජන කොටස්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති ප්‍රතිරෝධයන් මඟහරවා වයිරසය එලෙස වෙනස්වන බව ඔවුහු කියති.
 
එසේ වුවත් ඇතැම් පර්යේෂකයන් මෙම තොරතුරු අභියෝගයට ලක්කරමින් පවසන්නේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් බැවින් ඉන් ස්ථිර නිගමනයට එළැඹිය නොහැකි බවයි. මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ ලොව පුරා රෝගීන් 160 දෙනකුගේ සාම්පල පමණි.
 
ඒ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නම් කො‍රෝනා ආසාදිතයන් 1,000කට වැඩි පිරිසකගේ දත්ත ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමට සිදුවන බව මෙම පර්යේෂණයේ සමාලෝචනයේ ම දැක්වේ.
 
කෙසේ වෙතත් වූහානවලට පිටතින් විවිධ ප්‍රදේශවලට සිටි මිනිසුන්ගේ සිරුරු තුළ මේ වයිරසය වේගයෙන් විකෘති වී තිබේ. මෙයින් තහවුරු වන්නේ බටහිර රවටල ජනතාව තුළ ඇති ප්‍රතිශක්තීකරණය ජයගැනීම සඳහා වයිරසය විකෘති වෙමින් වෙනස් වී ඇති බවයි.
චීනය විසින් කොවිඩ් - 19 ආසාදිතයන් වාර්තා කිරීමටත් පෙර වයිරසය විකෘති වී ඇති බව දැනට සොයාගෙන තිබේ. චීනය හඳුනානොගත් වයිරසයක් පැතිරෙමින් තිබෙන බව මුලින්ම නිවේදනය කළේ 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දා ය.
 
ආචාර්ය ෆෝස්ටර් මෙසේ පවසයි. ''වූහාන් හි බහුතරයක් (බී) ප්‍රභේදයේ ආසාදිතයන්. පසුව (සී) ප්‍රභේදය බිහිවී එය සිංගප්පූරුව හරහා ව්‍යාප්ත වී තිබෙනවා. මේ (සී) වර්ගය විකෘතියක් නොවෙයි. නමුත් නියැදිය ඉතා කුඩායි. මේ ගැන අපි ප්‍රවේශම් විය යුතුයි. අපි මේ පර්යේෂණය සඳහා යොදාගත් දත්ත ඉතා කුඩායි. සෑම රටකම වාර්තා වී සිටින රෝගීන් දස දහස් ගණන් සැළකූ විට එය ඉතා කුඩා අගයක් වනවා. රෝගීන් සියලු දෙනාගේ දත්ත නැහැ. විශේෂයෙන්ම චීනයේ විශ්ලේෂණය කළ දත්තවලින් අපිට පැහැදිලි වුණේ (බී)  ප්‍රභේදය බහුලයි කියා. නමුත් සියලු දෙනා විශ්ලේෂණය කළා නම් අපිට කියන්න වෙන්න ඉඩ තිබුණා (ඒ) ප්‍රභේදයේ රෝගීන් වැඩියි කියලා. අපිට පර්යේෂණ සඳහා සියලු දෙනා යොදා ගන්න බැහැ අපි ගන්නේ නියැදියක් විතරයි. මේ ප්‍රතිඵලය අපි විශ්ලේෂණය කරන්නේ එලෙස ලබාගත් නියැදියට අනුව."
 
(ඬේලි මේල් ඇසුරිණි - 085)



අදහස් (1)

කොරෝනා වයිරසයේ ප්‍රභේද 3 ක් ගැන පර්යේෂණයකින් තහවුරු වෙයි

රවින් Friday, 10 April 2020 12:27 PM

මෙන්න ශ්‍රී ලාංකීය පරීක්ෂකයින්ට පොඩි රුකුලක්. පෙන්ගොලින් යනු කැබැල්ලාවන්ය. පහුගිය දවස්වල ගුවන් තොටුපලින් කැබැල්ලා පොතු වගයක් චීනෙට අරගෙන යන්න ගිහිල්ලා අපේ රේගුවේ කට්ටිය අල්ලාගත්තා නේද? බැරිද පොඩි සපෝර්ට් එකක දීලා අපේ කට්ටියට මේ වයිරසයට ප්‍රතිකර්මයක් හොයාගන්න කිවොත්? ලෝකයාත් ගොඩ රටත් ගොඩ. හැබැයි ඉතින් අපේ කට්ටියට කිවොත් ඉතිරිවෙලා ඉන්න ඔක්කොම කැබැල්ලාවෝ ටික මරලානම් දායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2410 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1285 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1060 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 848 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1042 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1266 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1532 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site