IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරෝනා වයිරසය තවත් වසරක් බ්‍රිතාන්‍යයේ

කොරෝනා වයිරසය 2021 වසන්ත සෘතුව දක්වා බ්‍රිතාන්‍යයට බලපැවැත්වෙනු ඇතැයිද, මිලියන 7.9ක පිරිසක් රෝහල්ගත කෙරෙනු ඇතැයිද බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ රහස්‍ය තොරතුරු වර්තාවකින් හෙළි වේ.

ද ගාඩියන් පුවත්පත සතුව ඇති ප ලිපියක සඳහන් වූයේ, වයිරසය තවත් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බවට සෞඛ්‍ය ප්‍රධානීන් අපේක්ෂා කරන බවය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය, ගිනි නිවන භට කණ්ඩායම්, පොලිසිය යන පිරිසට එය බලපාන ආකාරය සම්බන්ධ කරුණු ද එහි ඇතුළත් වී තිබේ.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය කාර්යංශයේ නිලධාරී කණ්ඩායම් මෑතකදී එරට වයිරසය ව්‍යාප්ත වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සකස් කළ වාර්තාවකි.

ඉදිරි මාස 12 ඇතුළත බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසකට වයිරසය ආසාදන වනු ඇතිබවටද, 15%ක පමණ පිරිසක්(මිලියන 7.9) රෝහල්ගත වනු ඇති බවටද ගණන් බලා ඇතැයි එහි සඳහන් වේ.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය කාර්යංශයේ, ජාතික බෝවන රෝග අංශයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සූසන් හෝප්කින්ස් පැවසුවේ, සිය කාර්යංශය මෑතකාලීන සංඛ්‍යා දත්ත අධ්‍යයනය කරමින් සිටින බවය. මහජනයාට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම නැවත අවධාරණය කරමින්, සෞඛ්‍ය  සේවකයන්ට වයිරසය ව්‍යාප්තවීම අඩුකිරීමට ක්‍රියාකිරීමට උපදෙස් දෙමින් මෙම කරුණු අනාවරණය කරන බවද ඔහු පැවසීය.  

වසංගත අධ්‍යයනය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය පෝල් හන්ටර් මහතා පැවසුවේ, වයිරසය මාස 12ක් පවතින බව දැනගතහොත් මහජනතාව කැළඹීමකට සහ තුළ සැලකිය යුතු කනස්සල්ලකට පත්වනු ඇති බවය.

‘වයිරසය අවුරුද්දක් තියෙයි කියන්නෙ, හිතාගන්නවත් බැරි කාලයක්. ඒත් එය හරියට ම පිළිගෙන හෝ හඳුනාගෙන නැහැ’ යැයිද ඔහු පැවසීය.

ඩේලිමේල් අන්‍රග්‍රහයෙනි

 

 



අදහස් (0)

කොරෝනා වයිරසය තවත් වසරක් බ්‍රිතාන්‍යයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 844 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site