IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා යැයි සැක සහිතව මාරාව උපතැපැල් ස්ථානාධිපතිනිය - පුත් නාගොඩ රෝහලට

(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
අටුළුගම, මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා   ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද (31) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම  සෙෳඛ‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

එම උප තැපැල් ස්ථානාධිපතිනියගේ ස්වාමි පුරුෂයා,දියණිය හා වැඩිමහල් පුතුද මේ වන විට නව කොරෝනා වෛරසය ද ආසාදනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
 
එම වැඩිමහල් පුතු ඉකුත් 17 වැනි දින ඩුබායි රටට ගොස් දෙදිනක් ගත කර 19 වෙනි දින මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 6 කට පසු කොරෝනා රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරෙනි.එයින් සිව් දිනකට පසු පියා සහ සහෝදරියද රෝහල් ගත කෙරෙණි.
 

මේ වන විට කලුතර දිස්ත්‍රික්කයෙන්  කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු වී ඇති අතර එයින් රෝගීන් 5 දෙනෙකුම බණ්ඩාරගම සෙෳඛ‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.



අදහස් (7)

කොරෝනා යැයි සැක සහිතව මාරාව උපතැපැල් ස්ථානාධිපතිනිය - පුත් නාගොඩ රෝහලට

anura Tuesday, 31 March 2020 04:36 AM

සාමාන්‍ය කොරෝනා වෛරසයට ආධාරයක් නොමැතිව චලනය වීමට නොහැකි නමුත් ලංකාවේ තිබෙන්නේ කකුල් දෙකක් සහිත කොරෝනා වෛරස්. ඒ එක්කම වලිගයකුත් තියෙනවා.

:       0       2

ලලිතා Tuesday, 31 March 2020 04:49 AM

දේපළ රාජසන්තක කරන්න.

:       0       76

lalithm Tuesday, 31 March 2020 04:50 AM

17 කියන්නේ මේ ප්‍රශ්නය තිබුණු කාලය. ඒ වගේ කාලයක ඩුබායි ගියා කියන්නේ ගොන්කමටද බලු කමටද නැතිනම් වෙන දෙයකටද ? මේ වගේ මිනිස්සු හිා රටේ ප්‍රශ්නත් ජාතික සම්පත් නාස්තියත් උපරිම වෙනවා නේද?

:       4       257

wije Tuesday, 31 March 2020 07:58 AM

එතකොට එයා ලංකාවට ආවේ 19 වෙනිදානම් ගුවන් තොටුපලෙන්ම එයාව නිරෝධායනයට යැවුවේ නැත්ද ? යැවුවේ නැත්නම් ඇයි එහෙම කලේ කාගේ වුවමනාවකටද කියලා හොයලා බලන්න.

:       0       3

abaran Tuesday, 31 March 2020 08:22 AM

මට පෙනෙන විදියට මෙ අය පිටරට යන්නේ කොරෝනා ගෙනෙන්න වගේ. සහරාන්ගේ ඉතිරි ගෝල බාලයෝ...

:       1       2

සනත් ඉතාලිය Tuesday, 31 March 2020 08:28 AM

17 ඩුබායි ගිහින් 19 ලන්කාවට ආව කෙනෙක් කොහොමද ගෙදර ගියේ? ගුවන් මගීන්ව ලේබල් කිරීමේ විපාක වන්දනා කරුවන්, ව්‍යාපාරිකයන් ලොක්කන්ගෙ දරුවො ස්වයං නිරෝදනය තමන්ගෙ නිවෙස්වල පිටරට රැකියාවල් කර පැමිනෙන ශ්‍රමිකයන් නිරෝධායනයට කදවුරු වලට අපිට වැරදුනෙ කොතැනද?

:       0       2

athuraWednesday, 01 April 2020 04:33 AM

අවුරුදු 72ක් වැරදුනු වැරදිල්ල අවරුදු 76 දක්වා දික්වුණා. එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site