(මහේෂ් කිර්තිරත්න)
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරන ගැබිනි මව්වරුන් සඳහා මාතලේ මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කළ බව මාතලේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා අද (08) පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම රෝහල ඒ සඳහා වෙන් කළ බවත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් බාහිර ප්‍රතිකාර ඒකකය මගින් කණ්ඩායම් තුනකට බෙදා ප්‍රතිකාර සිදු කරන බවත් මෙම ආසදන තත්වය මැඩලීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඒ සඳහා රෝහලේ සියලු කාර්ය මණ්ඩල කැපවී සිටින බවත් වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේය.
මෙම රෝගි තත්වයන් පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා මාතලේ මහ රෝහලේ කෝවිඩ් 19 ඒකකයේ දුරකතන අංක 070 5355355 / 066 2222261 / 066 3062126 යන අංකවලට ඇමතීමෙන් විස්තර හා තොරතුරු ලබා ගත හැකි බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා යැයි සැක ගැබිනි මව්වරුන්ට මාතලේ රෝහලේ වෙනම ඒකකයක්