කොලොම්බියාවේ බන්ධනාගාරයක හටගත් නොසන්සුන්තාවකින් රැඳවියෝ විසිතුන් දෙනෙක් මරණයට පත්ව තවත් අසූතුන් දෙනෙක් තුවාල ලැබූහ.
ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් කොලොම්බියාව පුරා බන්ධනාගාරවල උද්ඝෝෂණ පැවැත්වුණි.
සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම හා බන්ධනාගාරවල තදබදය අවම කිරීම එම ඉල්ලීම් අතර විය.
ඒ අතර ලා මොඩෙලෝ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවලදී මෙසේ රැඳවියන් මරණයට පත්වී තුවාල ලැබීම ද සිදුවිය.
එරට අධිකරණ අමාත්‍ය මාගරිටා කැබෙලෝ මහත්මිය පැවසුවේ රැඳවියන් තිස් දෙදෙනෙකු සහ ආරක්ෂකයින් හත්දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
ඉන් ආරක්ෂකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද ඇය සඳහන් කළාය.
රට පුරා බන්ධනාගාර 13 කින් වාර්තා වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් සැලසුම් සහගතව සම්බන්ධීකරණය කර ඇතැයි ඇය පැවසුවාය.
මෙම කැරලි ඇතිවීමට බලපෑ බව පැවසෙන කිසිදු සනීපාරක්ෂක ගැටලුවක් බන්ධනාගාර තුළ නැතැයි ඇය අවධාරණය කළාය.
කොලොම්බියාව පුරා ඇති බන්ධනාගාර 132 ක රඳවා තැබිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 81000 ක් වුවත් මේ වන විට රැඳවියන් 121000 කට අධික සංඛ්‍යාවක් ඒවායේ රඳවා සිටින බව අධිකරණ අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් වෙයි.
කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ දෙකක් ඇතුළුව මේ වන විට රෝගීන් 231 ක් කොලොම්බියාවෙන් වාර්තා වෙයි.
(බීබීසී ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 17
58
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
894
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා බියෙන් කොලොම්බියාවේ බන්ධනාගාරයක උද්ඝෝෂණ - රැඳවියන් 23ක් මරුට
Raveendra Monday, 23 March 2020 06:17 AM
කොලොම්බියානු ආරක්ෂක අංශ තමන්ගේ වගකීම නිසිලෙස එම රට වෙනුවෙන් කර ඇති බවට ඉතාම හොදින් පැහැදිලිය. අප තරයේ විස්වාස කරනවා අපගේ ආරක්ෂක අංශද ඉදිරියේදී මෙවන් අහිංසක තොත්ත බබාලාට නිසිලෙස තමන්ගේ රට වෙනුවෙන් කලයුතු වගකීම ඉටුකරයි යන්න.