IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලොව නන්දෙසින් දිනපතා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන ඉකුත් බ්‍රහස්පතින්දා 1,81,000 ඉක්මවූ බව මෙම නව අනතුරු ඇඟවීම කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.

ජූනි 16 වැනිදා සිට ජූනි 20 වැනිදා දක්වා ගත වූ දින පහකට ආසන්න කාලයේදී ගෝලීය වශයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,15,000ඉක්මවීය.

පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය ආසාදිතයන්ගේ ගණන 1,81,232ක් වූ අතර සිකුරාදා (19) 1,43,073 දෙනකු වාර්තා විය. සෙනසුරාදා (20) දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,38,980ක් විය.

‘‘දෙනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්’’ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම දැනුම් දීම සඳහා දින කිහිපයකට වරක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

‘‘ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

ඒ.එෆ්.පී./රොයිටර්
055



අදහස් (3)

’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 04:22 AM

සත්‍ය වශයෙන්ම සියලුම දෙනා මේ වයිරසය බොහොම පරෙස්සම් විය යුතුයි.. ඒක සත්‍යයක්.. ඒත්, චීනාගේ පැත්තට ඇදලා මේ අයම නේද කිව්වේ මේ වයිරසය ගැන බයවෙන්න අවශ්‍ය නැහැ. ඒක ගෝලීය වසංගතයක් වශයෙන් ලොවපුරා පැතිරෙන්නේ නැහැ කියා. ඒ කෙසේ වෙතත් අප සියලුම දෙනා නිරෝධායන නීතිරීති පිලිපදීමින් ආරක්ෂාවීම ඉතාමත්ම වැදගත්...

:       0       65

සේන Monday, 22 June 2020 05:30 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් වාර්තා සපයන ආයතනයක් බවට පත් වෙලා.

:       0       29

සෙනෙවිරත්න Monday, 22 June 2020 12:09 PM

අප රටත් වැඩි වැඩ නොකර මේ තත්වයෙන් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 267 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 82 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site