වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු 24 වන දා සිට අප්‍රේල් 15වන දා තෙක් රට වසා දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේය.ඒ අනුව රට ජනතාවට මෙම කාලසීමාව තුලදී සමූහ වශයෙන් එක්රැස් වීමට හෝ පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර හිමිවූයේ නැත.
මෙවැනි පසුබිමක විවාහ දිවියට පත්වූ මෙම යුවළ එරට මුස්ලිම් ජාතිකයක් වන මේ යුවළ වීඩියෝ ඇමතුමක් ඔස්සේ විවාහය සිදුකර තිබුණි.සියලු චාරිත්‍ර වීඩියෝ ඇමතුම ඔස්සේ සිදුකර ඇත.
රට අකර්මණ්‍ය කිරීමට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත් යවා තිබුණි.
කෙසේ වෙතත් රට අකර්මණ්‍ය කිරීමෙන් ඔවුන්ගේ සියලු සැලසුම් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස විවාහය සිදුකර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි
125

2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති
Pradeep Monday, 06 April 2020 02:16 PM
මේක විශේෂ ප්‍රවෘත්තියක් නෙමෙයි නේද..? මොකද ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙසෙන මුස්ලිම් ජනතාව (බොහෝ විට එක අයෙක් පිට රටක සිටිනා විට) බහුලව මේ විදියට විවාහ වෙනවා. ඒක එයාලට සාමාන්‍ය දෙයක්.
තරිඳු Monday, 06 April 2020 02:35 PM
විදේශ රැකියා කරන අප මෙය බොහෝ දැක ඇත...
රුවන් Monday, 06 April 2020 02:45 PM
ඉන්දියාවේ උන් ඔය තරම් මෝඩ ඇයි....?
විපරමා Monday, 06 April 2020 04:11 PM
අපේ අයත් දැන් නිකම් ඉන්න එකක් නැහැ.
Chathuri Monday, 06 April 2020 05:43 PM
දරුවොත් හදයි මේ විදියටම... නියමයි තව කි දෙනෙක් මේ විදියට විවාහ කර ගනීද දන්නේ නැහැ ...
කපුරුහාමි Monday, 06 April 2020 11:07 PM
ඉන්දියාවෙන් එන හැම දෙයක්ම කොපි කරන බදාගන්න අපේ සමහර අයට නම් මේකත් හොඳ ආරන්චියක්?
පිටිගල මිලානෝ Tuesday, 07 April 2020 01:08 AM
අපේ ඉතාලි අක්කලා වයිබර්, වට්සැප් වලින් කරන දේවල් ලීක්වෙලා අන්තර්ජාලයේ තියෙනවා ඒ අයවත් දන්නේ නැහැ. ඒවත් එක්ක බලනකොට මේ පුවත එතරම්ම වැදගත් නැහැ.
Ajantha Tuesday, 07 April 2020 03:48 AM
මෝඩ වැඩ.....
චතුර Tuesday, 07 April 2020 06:05 AM
කොයිතරම් ඉතුරුවක්ද?