(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරස නිවාරණය සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකාරියක් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැර තිබුණේ නාල්ල, දිවුල්දෙණීය ප‍්‍රදේශයේ පදිංචි බෝමිරියගේ ස්වර්ණා මල්කාන්ති (50) නැමැති දේශපාලන ක්‍රියාකාරීනියකි.
කොරෝනා වයිසරය වැළැඳුන පුද්ගලයන්ට මෙන්ම නිරෝධානය වන පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය නොමැති බවත් වයිරසය පරීක්ෂාවට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු නොවන බවත් සදහන් කරමින් මෙම සැකකාරිය සිය ෆේස් බුක් ගිණුමේ අසත්‍ය ප‍්‍රචාර සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 15 වැනිදාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ලබන මැයි මස 26 වැනිදා තෙක් කල් තැබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවාසනාවන්ත අවස්ථාවාදීන් තමන්ගේ නීච දේශපාලන අදහස් මුදුන්පමුනවන්න අසත්‍ය ප්‍රචාර කරනවා
ඔය දේවල් ගැන අදහස් දැක්වීමට හෝ රජයට සුදු හුනු ගෑමට තරම් පැහැදීමක් නොමැත.
ආණ්ඩුවට පක්ෂ නම් ඕන ප්‍රකාශයක් කමක් නෑ. බයියන්ටම හොඳයි ඉතින්.